
හැටන් අධ්‍යාපන කලාපයේ උසස් පෙළ වාණිජ අංශයේ විශිෂ්ඨයන් සමන්එළියෙන්.
හැටන් අධ්‍යාපන කලාපයේ උසස් පෙළ වාණිජ අංශයේ විශිෂ්ඨයන් සමන්එළියෙන්.
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුන් අතරින් වාණිජ විෂය ධාරාවේ හැටන් අධ්‍යාපන කලාපයේ ඉහල ම ප්‍රතිඵලය වාර්තා කිරීමට මස්කෙළිය සමන්එලිය මහා විද්‍යාලයේ සිසුන් සමත් වේ. එම සිසුන් 100% ක සමත් ප්‍රතිශතයක් වාර්තා කොට ඇත්තේ කිසිදු විෂයයකට නිශ්චිත ගුරු භවතුන් නොමැති වීම විශේෂත්වයකි.විදුහල්පති අරුණ ශාන්ත කුමාර මහතා සහ තවත් ගුරු භවතුන් කිහිපදෙනෙකු ගේ සහාය ලබා ගනිමින් විශේෂ වැඩපිළිවෙලක් සකස් කොට ක්‍රියාත්මක කිරීමෙන් මෙම ප්‍රතිඵලය පෙන්නුම් කිරීමේ පුර්වදර්ශි ක්‍රියාව ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා විශේෂ ඇගයීමට ලක් කෙරෙණි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා අ.පො.ස. උසස් පෙළ විභාගය සදහා පෙනී සිටීමේදී පැමිණීම 80% අනිවාර්යෙන්ම සලකා බලන බවත් පාසල් වල පවතින ගුරු ඌනතාවය විසදීමට ක්‍රමවත් වැඩපිළිවෙලක් දැනටමත් සකසා අවසන් බවත් සදහන් කළ සිටියේය. ප්‍රධාන ශාලාවේ පැවති ඇගයුම් උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වූ ලේකම්වරයා දරුවන් හා ගුරුවරුන් මෙන්ම දෙමව්පියන් එක්වීමෙන් මෙවන් අඩු පහසුකම් සහිත ප්‍රදේශයකින් ලබා දුන් ප්‍රතිඵලයට ගරු කිරීමක් ලෙස විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේ අත්‍යාවශ්‍ය අලුත්වැඩියාවන් සම්පුර්ණ කර ගැනීමට පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා ගේ උපදෙස් පරිදි අවශ්‍ය ප්‍රතිපදාන වෙන් කරනු ලබන බව පැවසිය. පළාතේ අධ්‍යාපනය ඉහල නැංවීම අරමුණු ව හදුනා ගත් විශේෂ ව්‍යාපෘති ගණනාවක් පළාත තුල ක්‍රියාත්මක කිරීම ආරම්භ කොට ඇති බවත්, එහිදී අඩු පහසුකම් සහිත අධ්‍යාපන කලාප සදහා ප්‍රමුඛත්වය හිමිවන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කල ලේකම් වරයා , සියලු උත්සාහයන් හි නිසි ප්‍රතිඵල ලබන්නට නම් විදුහල්පතිවරයා ගේ සිට දරුවන් දක්වාත් පාසල් ප්‍රජාව ගේ ද සක්‍රිය දායකත්වය , කැපවීම අවශ්‍ය බවත් අත්‍යාවශ්‍ය බව අවධාරණය කළේය.