
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත 2023 වර්ෂයේ ඉදිරිපත් වූ මහජන ගැටළු වලින් සියයට 90 කට විසදුම් ලැබි ඇති බව මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා පවසයි.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත 2023 වර්ෂයේ ඉදිරිපත් වූ මහජන ගැටළු වලින් සියයට 90 කට විසදුම් ලැබි ඇති බව
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති ගුණතිලක රාජපක්ෂ මහතා පවසයි.
ඒ මහතා මෙලෙස පැවසූයේ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම පසුගියදා (26) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ පැවති අවස්ථාවේදී ය.මහා මාර්ග, මාර්ග නඩත්තු, ප්‍රවාහන, කර්මාන්ත, කෘෂිකාර්මික, ඉඩම් ඇතුළු ක්ෂේත්‍ර රැසක් යටතේ මෙම ගැටළු කමිටුවට ඉදිරිපත් වී පැවති බවත්, ඉන් විසදීමට නොහැකි වූ සියයට 10 ක් පමණ වූ ගැටළු සඳහා කඩිනමින් විසඳුම් ලබා ගැනීමට අදාළ ආයතන වෙත යොමු කර ඇති බව ද ඒ මහතා පෙන්වා දුන්නේය.දිස්ත්‍රික් කමිටු සම්බන්ධීකරණ රැස්වීමේදී පළාතේ අධ්‍යාපනය නගා සිටුවීම වෙනුවෙන් ගෙන ඇති ඉදිරි පියවරයන් පිළිබඳව කරුණු දක්වමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතා පැවසූයේ දැනට පාසල් වෙත ක්‍රියාත්මක කොට ඇති නව නීතිරීති මගින් ගුරුවරුන් ගේ භූමිකාව පාසල තුල වඩා සක්‍රීයව ලබා ගැනීමට අවශ්‍ය පසුබිම උදා කිරීම අපේක්ෂාව වන බවත් , එලෙස නොකර පෞද්ගලික අභිමතාර්ථ ඉටු කර ගැනීමට කටයුතු කරන ගුරුවරුන් වෙත නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත්, . අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් පළාතේ පවතින සියලු පාසල් වෙත නව අංග රැසක් එක් කරමින් කටයුතු යෙදීමට පියවර ගෙන ඇති බව ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය වෙනුවෙන් දැනට පවතින ප්‍රධානම බාධකය වන ගුරු හිගයට පිළියම් ලෙස ස්වෙච්චා ගුරු සේවාවක් ආරම්භ කරමින් රටටම ආදර්ශයක් සැපයීමට මධ්‍යම පළාත මේ වන විට ක්‍රියා කර ඇති බව ද ලේකම්වරයා පෙන්වා දුන්නේ ය.
පළාත් සභා ආයෝජන සැලැස්ම ඉදිරිපත් කරමින් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (සැලසුම්) කේ. ජී. නිශ්ශංක මහතා පැවසූයේ ප්‍රාග්ධන ආයෝජන වැඩසටහන යටතේ මහනුවර දිස්ත්‍රික්කය තුළ මේ වන සැලසුම් කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 1462 ක් වන බවත් ඒ සඳහා රුපියල් මිලියන 2594 ක මුදලක් වෙන් කොට ඇති බව පෙන්වා දුන් අතර අග්‍රිම ලැබෙන පිළිවෙළ අනුව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බවත් මේ වන විට ව්‍යාපෘති 152 වැඩ අවසන් කර පවතින බවද පෙන්වා දුන්නේය. මහනුවර නගරයේ රථ වාහන තදබදය අවම කිරීම සදහා නගර සංවර්ධන කමිටුවේ අවධානය යොමු කරන ලෙසටත් නගරය අවලස්සන වන ලෙසින් පෝස්ටර් ඇලවීම සම්බන්ධයෙන් පවතින නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා කමිටු සභාපතිවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදීම ද සිදු කරන ලදී.කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ,පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, කෘෂි කර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්. දයානන්ද , මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි පියසේන, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහාපොල, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරී , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්ම මහත්මීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, ඇතුලු පිරිසක් මේ අවස්ථාවට එක් වූහ.