
“බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩමුළුව
“බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ” පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩමුළුව
නව ලොව අභියෝග ජයගැනීම සඳහා දරු පිරිසක් නිර්මාණය කිරීමේ මෙහෙවරට දායක වෙමින් රට මුහුණදී සිටින බලශක්ති අර්බුදයට නිසි විසදුම් සෙවීමටත්, බලශක්ති ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා පිළිබඳ යාවත්කාලීන වූ තොරතුරු දරුවන් වෙත ලබාදීමත් අරමුණු කර ගනිමින් බලශක්ති කාර්යක්ෂමතාවය හා විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ සවිඥාණික ජාතියක් නිර්මාණය කිරීමේ අරමුණින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ උපදෙස් මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ මගපෙන්වීමෙන් හා මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන, ප්‍රවාහන, විදුලිබල හා බලශක්ති සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශ ලේකම් මධුපානි පියසේන මහත්මියගේ මෙහෙයවීමෙන් “ බලශක්ති කාර්යක්ෂමතාවය සහ විකල්ප බලශක්ති භාවිතය පිළිබඳ ” පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවේ තවත් වැඩසටහනක් පසුගියදා නු/හරංගල ද්විතීයික විද්‍යාලයේදී පැවැත්විණ. නු/හරංගල ද්විතීයික විද්‍යාලයේ විදුහල්පති ඊ.ජී.හේරත් බංඩා මහතාගේ සහභාගීත්වයෙන්, අමාත්‍යාංශ නිලධාරී සුනිල් ගමගේ මහතාගේ සහ ආශා තිලකරත්න මහත්මියගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදී.