
කැකුළු සිහින පාට කරමු’ මහනුවර දී
කැකුළු සිහින පාට කරමු’ මහනුවර දී
ලෝක ළමා දින සැමරුම නිමිත්තෙන් පළාත් පාලන දෙපාර්තමේන්තුවේ මඟ පෙන්වීම යටතේ මහනුවර මහා නගර සභාව හා නවයාලතැන්න පළාත් පාලන සම්පත් මධ්‍යස්ථානය එක්ව ‘කැකුළු සිහින පාට කරමු’ මැයෙන් සංවිධානය කළ විශේෂ වැඩසටහනක් පසුගියදා (01) පෙරවරුවේ මහනුවර , ඊ.එල්.සේනානායක ළමා උද්‍යාන පරිශ්‍රයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මහනුවර මහා නගර සභාව යටතේ ඇති මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන 23ක දරු දැරියෝ හාරසිය දෙනෙකු පමණ මේ වැඩසටහන හා එක්ව සිටියහ. එස් ලෝන් ලංකා පුද්ගලික සමාගම ප්‍රමුඛ පෞද්ගලික ආයතන කිහිපයක අනුග්‍රහය ද වැඩසටහන සාර්ථක කර ගැනීම වෙනුවෙන් ලැබී තිබිණි. වැඩසටහන ආරම්භ වූයේ දරුවන්ගේ සහභාගීත්වයෙන් උද්‍යාන පරිශ්‍රය තුළ නා පැලයක් රෝපණය කිරීමෙනි. ක්‍රීඩා, සිතුවම් නිර්මාණ , ගායන හා නර්තන අංග ආදියෙන් වැඩසටහන විචිත්‍රවත් විය. දරුවන් වෙත හා මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන වෙත ත්‍යාග පිරිනැමීමට ද සංවිධායක පාර්ශ්ව කටයුතු කරනු ලැබී ය. පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය හා පළාත් පාලන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද, මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා හා මහා නගර සභා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද , දෙමාපියන් පිරිසක් ද වැඩසටහන හා එක්ව සිටියහ.