
''ආයුබෝවන් පන්විල''
''ආයුබෝවන් පන්විල''
ජාත්‍යන්තර සංචාරක දිනයට සමගාමීව පන්විල ප්‍රදේශීය ලේකම් කාර්‍යාලය මගින් සංවිධානය කරනු ලබන "Ayubowan Panwila" සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් මාලාවේ පළමු අදියර මහනුවර සහස් උයනේ ප්‍රදර්ශන කුටිය තුල පසුගිය 27 දින මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව පවත්වනු ලැබීය . එහිදී නව සංචාරක ගමනාන්තයක් හදුන්වාදෙමින් www.ayubowanpanwila.lk වෙබ් අඩවිය එළිදක්වනු ලැබීය.ලෝක සංචාරක දින සැමරුමට සමගාමීව සිදු කරනු ලැබූ මෙම වැඩසටහන සඳහා ඉන්දියානු මහා කොමසාරිස් විශේෂඥ වෛද්‍ය අකීරා මහත්මිය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා ඇතුළු අනෙකුත් අමාත්‍යංශ ලේකම්වරුන්, අධ්‍යක්ෂකවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි විය.