සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

“ආයුබෝවන් පන්විල”  වැඩසටහන

“ආයුබෝවන් පන්විල” වැඩසටහන

ජාත්‍යන්තර සංචාරක දිනයට සමගාමීව පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය හරිත සංචාරක කලාපයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද “ආයුබෝවන් පන්විල” වැඩසටහන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා ගේ ප්‍රධානත්වයෙන් පන්විල ගෝමරය රාජ්‍ය වතුයායේදී 28 දින පැවැත්විණ.දෙස් විදස් සංචාරකයින්ගේ ගමනාන්තයක් ලෙසින් ස්වභාව ධර්මයේ ආශ්චර්යන් විදීම සඳහා ලොවට හදුන්වා දීමේ පියවරක් ලෙස මෙම අවස්ථාව සංවිධානය කොට පැවති අතර මෙම ප්‍රදේශයේ දිය ඇලි 16ක්, නිරන්තරයෙන් වෙනස්වීමට ලක්වන දේශගුණික කලාපයක් මෙන්ම සිංහරාජයට පමණක් දෙවෙනි වන මොරැල්ල රක්ෂිතය ද පිහිටා ඇත. පුංචි ලෝකාන්තය, ගොමරය කන්ද , කන්දසාමි පර්වතය ඇතුළු සුන්දර ස්ථාන විශාල ප්‍රමාණයක් පිහිටා ඇත..මෙම අවස්ථාවක එක්වූ ආරාධිතයන් හා දෙස් විදෙස් සංචාරකයින් විසින් මේ ප්‍රදේශයේ ආරම්භ කෙරෙන අඹ හා ඔසු උයනේ රුක් රෝපණය කිරීම ද මෙදින සිදු කෙරිණ.මධ්‍යම පළාත් සංචාරක දෙපාර්තමේන්තුව හා පන්විල ප්‍රාදේශය ලේකම් කාර්යාල එක්ව සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ඉන්දීය සහකාර මහ කොමසාරිස් වෛද්‍ය එස්. අතිරා, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) චරිතා ඉලංගකෝන්, පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර, ගඟවටකෝරලේ ප්‍රාදේශීය ලේකම් සම්පත් බණ්ඩාර, පන්විල ප්‍රාදේශීය ලේකම් නෙරංජන් සේනාධීර , යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook