සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

රුසියානු සාහිත්‍ය කියැවීමේ වැඩසටහනක් මහනුවර දී.

රුසියානු සාහිත්‍ය කියැවීමේ වැඩසටහනක් මහනුවර දී.

රුසියානු සාහිත්‍ය කියැවීමේ වැඩසටහනක් මහනුවර දී ජාතික කියැවීමේ මාසය (ඔක්තෝබර්) නිමිත්තෙන් මහනුවර, ඩී.එස්.සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලය සහ කඳුරට ශ්‍රී ලංකා - රුසියානු මිත්‍රත්ව සංගමය සංවිධානය කළ රුසියානු සාහිත්‍ය රසාස්වාද වැඩසටහනක් ඊයේ (04) මහනුවර ඊ.එල්.සේනානායක ළමා පුස්තකාල ශ්‍රවණාගාරයේදී ප්‍රදේශයේ උසස් පෙළ සිසු සිසුවියන් පිරිසකගේ හා ලේඛක ලේඛිකාවන් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි. රුසියානු ලේඛකයන්ගේ ශ්‍රී ලාංකේය සම්බන්ධතා හා ඒ ඇසුරෙන් පිළිබිඹු වන සාහිත්‍යමය පෝෂණය සම්බන්ධයෙන් ප්‍රධාන දේශනය පවත්වනු ලැබුවේ කොළඹ රුසියානු මන්දිරයේ ලේඛක සංවිධානයේ සාමාජික රන්ජන් දේවමිත්‍ර සේනාසිංහ මහතා යි. රුසියානු ලේඛකයන්ගේ කෘති පරිශීලනයේ වත්මන් වැදගත්කම පිළිබඳ විවරණයක නිරත වූයේ කඳුරට ශ්‍රී ලංකා - රුසියානු මිත්‍රත්ව සංගමයේ වෛද්‍ය අතුල අධිකාරි මහතා යි. පාසල් සිසුවියන් කණ්ඩායමක් නිදර්ශන කාව්‍ය ගායනා කළහ. ශ්‍රී ලංකා ගිටාර් සංගමයේ ශිල්පීන් ඇතුළු සංගීත කණ්ඩායමක් ද වැඩසටහන විචිත්‍රවත් කරමින් ගීත ගායනා කළහ. මහනුවර හිටපු නගරාධිපති කේසර සේනානායක හා නියෝජ්‍ය නගරාධිපති ඉලාහි ආබ්දීන් යන මහත්වරු ද, මහනුවර නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක මහතා ප්‍රමුඛ නිලධාරීන් පිරිසක් ද, මහනුවර ඩී .එස්.සේනානායක අනුස්මරණ මහජන පුස්තකාලයේ පුස්තකලයාධිපති එච්.එම් .ටී.හේරත් මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook