
මධ්‍යම පළාත් සමුපකාර සේවක විශ්‍රාමික වැටුප් අරමුදල ප්‍රගති සමාලෝචන රැස්වීම.
මධ්‍යම පළාත් සමුපකාර සේවක විශ්‍රාමික වැටුප් අරමුදල ප්‍රගති සමාලෝචන රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැත්විණි. එහිදී සාමාජිකයන්ට හිමිවන සුභසාධන ප්‍රතිලාභ පිළිබඳව අවධානය යොමුවිය.මෙහිදී සමුපකාර අරමුදලින් විවිධ සේවා සමුපකාර පිහිටුවීම හා නාවලපිටිය කිරි ව්‍යාපෘතිය වැනි ව්‍යාපෘතීන් වෙනුවෙන් මූල්‍ය ප්‍රදානයන් ද සිදු කෙරිණි. මෙහිදී අදහස් දැක්වූ ලලිත් යු. ගමගේ මහතා මෙම විශ්‍රාම වැටුප් අරමුදලේ දායකත්වය පිළිබඳව මධ්‍යම පළාත වෙනුවෙන් ප්‍රසාදය කළ අතර සමුපකාර සේවකයාගේ සුරක්ෂිතභාවය පිළිබඳවද අදහස් දැක්වීය.එසේම කොරෝනා වසංගත සමයේ ඔවුන් කළ සමාජ මෙහෙවර ද ඇගයීමට ලක් කළේය. එහිදී නව සමුපකාර පිහිටුවමින්, ජංගම සේවා ක්‍රියාත්මක කරමින් විවිධ සේවා සමුපකාරය සිදුකළා වූ සේවය වෙනුවෙන් ඔහු සිය ස්තුතිය පිරිනැමීය.එසේම සමුපකාර සමිති ඇගයීම වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානයක් ද සිදු කෙරිණි.මෙම අවස්ථාවට මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක මහතා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය,සමූපකාර කොමසාරිස් අමිල නවරත්න, විශ්‍රාම වැටුප් අරමුදල සභාපතිවරුන්, අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.