
සියල්ලන්ටම වඩා දරුවන් වටී.
සියල්ලන්ටම වඩා දරුවන් වටී.
2023 ලෝක ළමාදිනට සමගාමීව මධ්‍යම පළාත් ළමා සුරැකුම් මධ්‍යස්ථාන දරුවන්ගේ නිර්මාණශීලි දක්ෂතා ඇගයීමේ ත්‍යාග ප්‍රදානෝත්සවයක් මධ්‍යම පළාත් සමාජ සුබසාධන පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව විසින් , මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පළාත් සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ .චිත්‍ර ,නර්ථන, ගායන, ගද්‍ය ,පද්‍ය යන තරග අංශ්‍යන්ගෙන් ජයග්‍රහණය කල පළාතේ සියලුම ළමා සුරැකුම් මධ්‍යස්ථාන වල දරුවන් වෙත ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය කරමින් මෙහිදී අගයනු ලැබිය . එසේම ඔවුන්ගේ නර්ථන හා ගායන ඇතුලත් විශේෂාංග වලින් උත්සව සභාව වර්ණවත් විය.මෙම අවස්ථාව ට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ජගත් අධිකාරි , පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු , පරිවාස දෙපාර්තමේන්තු කොමසාරිස් කුමුදුනි ගුණරත්න , රාජ්‍ය නිලධාරීන්, දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.