සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

විදුලි පංකාවේ ගැටී මියගිය පුස්සැල්ලාව  සිසුවා ගේ පවුලට  පළාත් ආණ්ඩුකාර නියමයෙන් රුපියල් ලක්ෂයක්.

විදුලි පංකාවේ ගැටී මියගිය පුස්සැල්ලාව සිසුවා ගේ පවුලට පළාත් ආණ්ඩුකාර නියමයෙන් රුපියල් ලක්ෂයක්.

විදුලි පංකාවේ ගැටී මියගිය පුස්සැල්ලාව සිසුවා ගේ පවුලට පළාත් ආණ්ඩුකාර නියමයෙන් රුපියල් ලක්ෂයක්. ලෝක ළමා දින සමරුම් උත්සවයකින් අනතුරුව පන්ති කාමරයේ විදුලි පංකාවක් හිසේ වැදීමෙන් මිය ගිය පුස්සැල්ලාව හින්දු ජාතික පාසලේ 10 වසරේ ඉගෙනුම ලැබූ රාජරත්නම් සදුෂන් නමැති සිසුවා ගේ පවුලේ සහෝදරියන් ගේ අධ්‍යාපන කටයුතු සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ නියමයෙන් රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කෙරේ.රෝච්චයිල් වතුයායේ කම්කරුවෙක් වන රාජරත්නම් මහතා දැඩි ආර් ථික දුෂ්කරතා මධ්‍යයේ තම දරුවන් පෝෂණය කරනු ලබයි . දරුවන් තිදෙනෙක් ගෙන් යුතු පවුලේ එකම පිරිමි දරුවා වූයේ සදුෂන් ය. වැඩි මහල් දියණිය නැගෙනහිර විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය හදාරයි. ලාබාල සහෝදරිය ද පාසල් වියේ පසුවන්නිය. පවුලේ දුෂ්කරතා සම්බන්ධයෙන් ප්‍රදේශයේ ජනතා නියෝජිතයන් ගෙන් කෙරුණු ඉල්ලීම් සැලකිල්ලට ගෙන ප්‍රධාන අමාත්‍ය අරමුදලින් රුපියල් ලක්ෂයක මුදලක් ඉගෙනුම ලබන දරුවන් ගේ අධ්‍යයන කටයුතු සදහා ආධාරයක් ලෙස ලබාදීමට පළාත් ආණ්ඩුකාරවරයා නියම කරනු ලැබිය.එසේම එම දරුවන් ගේ අධ්‍යයන කටයුතු සදහා අවශ්‍ය සහාය කළාප කාර් යාලය හරහා ලබා දිමට ද කටයුතු සැලසුම් කෙරේ.අදාළ මුල්‍යමය පරිත්‍යාගය පසුගියදා (10 ) දා පළාත්ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මේනක හේරත් මහතා විසින් එම දෙමව්පියන් වෙත භාර දෙනු ලැබිය. එම අවස්ථාවට ගම්පොල කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිහාල් අලහකෝන් මහතා ද එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook