
රටට අභිමානයක් ගෙනා තරුෂිට හා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දුට මහනුවරදී උපහාර.
රටට අභිමානයක් ගෙනා තරුෂිට හා පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දුට මහනුවර දී උපහාර.
වලල ඒ රත්නායක මාධ්‍ය මහා විදුහලේ අඩුපාඩු සහිත ක්‍රීඩාංගනය නවීකරණය කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කොට අනාගතයේ තවත් තරුෂි ලා බිහිකිරීම වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසුයේ චීනයේ හැන්ජෝහි පැවති 19 වන ආසියානු ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වසර 21 කට පසුව මලල ක්‍රීඩාවෙන් රටට අභිමානයක් ගෙනදුන් වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ දිරිය දියණිය තරුෂි කරුණාරත්න හා ඇයගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතාහට උපහාර පිදීමේ උළෙලක් ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර සිටි සෙන්ටර් හිදී (KCC) 12 දින පැවති අවස්ථාවේදී ය. මෙම ක්‍රීඩා උළෙල්දී 800 හා 400 සහය ඉසව්ව නියෝජනය කරමින් රණ හා රිදී පදක්කම් ලක් මාතාවට දිනාදීමට සමත් වූ තරුෂි තවමත් 18 වන වියේ පසුවේ. මහනුවර නගර මධ්‍යයේ සිට විශේෂ පිළිගැනීමකින් අනතුරුව තුර්යවාදක කණ්ඩායම් පෙරටුව උත්සව අවස්ථාව සදහා ජනතා ගෞරවය මාධ්‍යයේ කැදවාගෙන එනු ලැබිය. වලල ඒ රත්නායක විදුහලේ ආදී ක්‍රීඩා සංගමය හා කැන්ඩි සිටි සෙන්ටර් ආයතනය මගින් සංවිධානය කොට පැවති මෙම අවස්ථාවේදී , වලල විදුහලේ අඩු පහසුකම් සහිත ක්‍රීඩා පිටිය අනාගත ක්‍රීඩාව වෙනුවෙන් නවීකරණය කොට සකසාදෙන ලෙස බලධාරීන්ගෙන් තරුෂි කරුණාරතන දියණිය ඉල්ලා සිටීන ලද අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා කඩිනමින් එම අවශ්‍යතාවය ඉටුකිරීමට අවශ්‍ය කටයුතු යොදන බව මෙහිදී දන්වන ලදී.මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක , ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල , අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ චන්දන සමරකෝන් , පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන අධ්‍යක්ෂ අතුල ජයවර්ධන , වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තරංගා ගුණරත්න , KCC ආයතනයේ වෙළද කළමනාකරු මාධව ජයසිංහ, වලල ඒ රත්නායක මාධ්‍ය මහා විදුහලේ විදුහල් පති ධම්මික හේරත් , ආදී වලල ක්‍රීඩා සංගමයේ සභාපති සමන්ත පෙරේරා , ආදී වලල ක්‍රීඩා සංගමයේ ලේකම් සුරිය බණ්ඩාර යන මහත්ම මහත්මින් ඇතුළු සාමාජියින් , ජාතික හා ජාත්‍යන්තරය ජයගත් ආදී වලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගී වුහ.