සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත්  සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් කෙටි චිත්‍රපට වැඩමුළුවක්.

මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් කෙටි චිත්‍රපට වැඩමුළුවක්.

මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවෙන් කෙටි චිත්‍රපට වැඩමුළුවක්. මධ්‍යම පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් ගෙවී ගිය වසර ගණනාව තුළ සංවිධානය කරන ලද පාසල් හා විවෘත කෙටි චිත්‍රපට තරගාවලි වෙතින් ජයගත් හා විශිෂ්ටතා ප්‍රකට කළ කෙටි චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමක් හා කෙටි චිත්‍රපටකරණය පිළිබඳ විවාදාත්මක හා ශාස්ත්‍රීය කතිකාවක් ද, වැඩමුළුවක් ද පසුගියදා පල්ලෙකැලේ මධ්‍යම පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙහි විශේෂ ආරාධිතයා වූයේ ප්‍රකට සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් මහතා ය. කෙටි චිත්‍රපට නිර්මාණයේදී වැදගත් වන සාධක හා කොන්දේසි පිළිබඳ ඔහු උදාහරණ සහිතව කරුණු ගෙන හැර දැක්වී ය. ඔහු අවධාරණය කළේ පළමුව විෂය කර ගන්නා තේමාව හා පුවත අන්තර්ගත පිටපතක් සරි කර ගත යුතු බව ය. මෙරට සම්මානිත කෙටි චිත්‍රපට මේ සඳහා ඔහු ඇසුරු කොට ගත්තේ කෙටි චිත්‍රපටකරණයට අලුතෙන්ම එක්වන්නවුන් වෙත ප්‍රතිභාව, ව්‍යුත්පත්තිය හා සතතාභ්‍යාසය වගා කර ගැනීමේ අවශ්‍යතාව පෙන්වා දෙමිනි.පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ අයෝමි දූල්වල මහත්මිය අදහස් දක්වමින් කියා සිටියේ මේ යුගයේ කෙටි චිත්‍රපටකරණයට පැමිණෙන තරුණ පරපුර සවිබල ගැන්වීම සඳහා දෙපාර්තමේන්තුව හැම විටම සූදානමින් සිටින බවයි. සම්පත්දායකත්වය ලබා දීමට සිවගුරුනාදන් මහතා පියවර ගැනීම ඇය මහත්සේ අගය කළා ය. මධ්‍යම පළාතේ කෙටි චිත්‍රපට උද්යෝගය වෙනුවෙන් වසර ගණනාවකට පෙරාතුව අභිනව පියවරක් ගත එවක පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ධුරය දැරූ වර්තමාන මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතාටද ඇය සිය විශේෂ ස්තුතිය පුද කළා ය.මේ අවස්ථාවට පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් ඉනෝදිනි තඹවිට මහත්මිය ද, කෙටි චිත්‍රපටකරණයට එක්වන පාසල් සිසු සිසුවියන් පිරිසක්ද, මාධ්‍ය විෂය භාර ගුරු භවතුන් පිරිසක්ද එක්ව සිටියහ. වැඩසටහන සංවිධානය කළේ පළාත් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය යි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook