මධ්‍යම පළාතේ සුළු හා මධ්‍ය පරිමාන කර්මාන්ත ශිල්පින් ගේ ව්‍යවසායකත්ව සංවර්ධනයට පළාත් සභාවෙන් විශේෂ මැදිහත් වීමක්.
මධ්‍යම පළාතේ විසිරි සිටින ව්‍යවසායකයින්ගේ ව්‍යවසායකත්ව සංවර්ධනය ඉලක්ක කර ගනිමින් මධ්‍යම පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව මගින් සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්, ව්‍යවසායකයින් වෙනුවෙන් මූල්‍ය හා ණය කළමනාකරණ වැඩසටහන් මාලාවක් සංවිධානය කෙරේ.
එහි මුලික දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් (28) පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එක් වැඩසටහනක් සදහා මහජන බැංකුව විසින් සම්පත් දායකත්වය දැක්වූ අතර එහිදී කළමනාකරණය හා අලෙවිකරණය, ව්‍යාපාර නෛතික අවශ්‍යතා , මූල්‍ය විනය, සුළු හා මහාපරිමාණ ව්‍යාපාරවල ගිණුම් තබා ගැනීම හා මහජන සම්බන්ධතාව,ව්‍යවසායකයින් සදහා ණය පහසුකම් සම්බන්ධයෙන් න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ව්‍යවසායකයින් සමග හුවමාරු කර ගැනිණි.
දෙවන වැඩසටහනේ දී SIBA විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය දසුන් රත්නායක විසින් ව්‍යවසායකයින්ගේ අධ්‍යාපනික දැනුම සංවර්ධනය සදහා වන ආයතනික පාඨමාලාවන් සම්බන්ධයෙන් දැනුවත් කෙරිණි. සහභාගිත්ව හා සාකච්ඡාමය ස්වරූපයෙන් පැවැති මෙම පුහුණු වැඩසටහනට කර්මාන්ත දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ එම්.බ්.යූ.එස්. කොන්සිවත්ත, නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.ආර්.ඩබ්.එම්.එම්.ජේ.එන්. අබේකෝන් , මහනුවර මහජන ප්‍රාදේශීය ණය ඒකකය බැංකුවේ නියෝජ්‍ය කළමනාකරු සමීර මඩගම්මන, ප්‍රාදේශීය ණය ඒකකයේ කළමනාකරු නිලුක්ෂි අමරකෝන් යන මහත්ම මහත්මීන් සහ ව්‍යවසායකයින් පිරිසක් සහභාගි විය .