සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මාතර දිස්ත්‍රික්කයේ ආපදාවට පත් ජනතාවට මධ්‍යම පළාතෙන් රුපියල් 2,500,000 ක සහනාධාර.

මාතර දිස්ත්‍රික්කයේ ආපදාවට පත් ජනතාවට මධ්‍යම පළාතෙන් රුපියල් 2,500,000 ක සහනාධාර.

මාතර දිස්ත්‍රික්කයේ ආපදාවට පත් ජනතාවට මධ්‍යම පළාතෙන් රුපියල් 2,500,000 ක සහනාධාර. අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවටපත් මාතර දිස්ත්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ විසි පහක (2,500,000) වටිනාකමකින් යුත් වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු ආධාර තොගයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ.ගමගේ මහතා විසින් මාතර දිස්ත්‍රික් ලේකම්, නීතිඥ වයි.වික්‍රමසිරි මහතා වෙත ප්‍රදානය කිරීම පසුගියදා (16) දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී සිදු කෙරිණි. මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාපතනය හේතුවෙන් ආපදාවටපත් ජනතාව වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු අදාළ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශිය ලේකම් වරුන්ගේ ඍජු මැදිහත්වීම මත ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් ක්‍රියාවට නැංවෙන අතර ප්‍රාදේශීය ලේකම් වරුන්ගේ ඉල්ලීම් අනුව අවශ්‍යතා පරිදි අදාළ වියළි ආහාර ද්‍රව්‍ය ඇතුළු ආධාර නිකුත් කිරීමට නියමිත ය.මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමාගේ මැදිහත්වීම මත මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් මධ්‍යම පළාතේ ආයතන වලින් ලබාදෙන ලද ආධාර මාතර දිස්ත්‍රික්කයේ පීඩාවටපත් ජනතාව වෙනුවෙන් මෙසේ ලබාදෙන ලදි.මේ අවස්ථාවට මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් කසුන් වැල්ලහේවා මහතා, සහකාර දිස්ත්‍රික් ලේකම් ලක්මාලි තේනුවර මහත්මිය, මාතර ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් ආරියවංශ කණ්ඩම්බි මහතා හා මධ්‍යම පළාත නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook