සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනු මාධ්‍යම පළාතේ ක්‍රීඩකයින්ට පළාත් සභාවෙන්  උපහාර පිදේ.

ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනු මාධ්‍යම පළාතේ ක්‍රීඩකයින්ට පළාත් සභාවෙන් උපහාර පිදේ.

ආසියානු ක්‍රීඩා උළෙලේ දී පදක්කම් දිනු මාධ්‍යම පළාතේ ක්‍රීඩකයින්ට පළාත් සභාවෙන් උපහාර පිදේ. වර්තමානයේ පවතින තරගකාරී අධ්‍යාපන රටාව තුළ දරුවන් අධ්‍යාපන ක්‍රියාවලියට යොමුකරනවා විනා විෂය බාහිර ක්‍රියාකාරකම් සදහා යොමුනොවිම ප්‍රධාන ගැටළුවක් වී පවතින යුගයක ආසියාවම ජය ගනිමින් ලක් මව රනින් බබළවමින් තරුෂි දැක්වූ දක්ෂතාවය රටේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවටම ආදර්ශයක් ලබාදෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි. ඒ මහතා මෙලෙස පැවසියේ 19 වන ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කරමින් පදක්කම් දිනාගන්නා ලද මධ්‍යම පළාතේ ක්‍රීඩකයින් හට උපහාර පිදීමේ වැඩසටහනක් කුණ්ඩසාලේ පල්ලෙකැලේ පිහිටි මධ්‍යම පළාත් සභා ශ්‍රවනාගාරයේ දී ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (18) පැවති අවස්ථාවේදී ය. මෙහිදී වසර 21කට පසුව ආසියානු ක්‍රීඩා උළෙලේ දී මලල ක්‍රීඩාවෙන් ලක් මාතාව රනින් බැබල වූ වලල ඒ රත්නායක මාධ්‍ය මහා විද්‍යාලයේ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව හා ඇයගේ පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු මහතාත්, මීටර් 400 සහය දිවීමේ ඉසව්ව නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් දිනාදීමට දායකවූ අරුණ දර්ශන ක්‍රීඩකයා හට උපහාර පිදීම සිදුවිය. මෙහිදී ඇගයීමට ලක් ක්‍රීඩකයන්හට හා පුහුණුකරු වෙත මුල්‍ය ප්‍රධානයන් ලබාදීම සිදු කරන ලද අතර , ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් දායකත්වය දැක්වූ වලල විදුහලේ විදුහල්පති , ක්‍රීඩා ගුරුවරුන් හා පුහුණුකරුවන් ද මෙහිදී ඇගයීමට ලක් කෙරින. වලල ක්‍රීඩා පාසලේ නේවාසිකාගාර සදහා අවශ්‍ය වන උපකරණ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාව මගින් ප්‍රධානය කිරීම ද මෙහිදී සිදුවී. මධ්‍යම පළාත් සභාව විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් සභාවේ සභාපති එල්.ඩි.නිමලසිරි , මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක ,කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්. දයානන්ද ,සෞබ්‍යය අමාත්‍යංශයේ ලේකම් ජගත් අධිකාරි ,මාර්ග සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් මධුපානි ජයසේන ,රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම් කුමුදුනි එස්.ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන්, නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් , දෙපාර්තමේන්තු ප්‍රධානින් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook