සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර සුහද සාකච්ඡාවක් මහනුවරදී.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර සුහද සාකච්ඡාවක් මහනුවරදී.

ශ්‍රී ලංකාවේ කොරියානු තානාපතිවරිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා අතර සුහද සාකච්ඡාවක් මහනුවරදී. ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී ( Mrs.Miyon Lee) මහත්මිය සහ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අතර සුහද සාකච්ඡාවක් මහනුවර පිහිටි මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී (18) පැවැත්විය. මෙහිදී සංස්කෘතික, ආගමික, ආර්ථික, තාක්ෂණ හුවමාරු සහ සංචාරක ප්‍රවර්ධන ඇතුලු විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයා සහ තානාපතිවරිය අතර කරුණු සාකච්ඡා වු අතර, විශේෂයෙන්ම කඳු නැගීමේ සංචාරක සිතියම් නිර්මාණයේ වැදගත්කම සාකච්ඡා වූ අතර දෙරටේ මිත්‍රත්වය සංකේතවත් කරමින් සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය. මෙම අවස්ථාව සදහා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, කොරියානු තානාපති කාර්යාලයේ තෙවන ලේකම් ජුන්ග් හේසුන් (Jung Haesung) , කොරියානු තානාපති කාර්යාලයේ කොන්සියුලර් නිලධාරි ෂිං සෙවුන්ග්වෝ (Shin Seungwoo),පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද එක් වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook