සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

‘බොදු උදාන’ මානව සම්පත් සංවර්ධන හා ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන නුවරඑළියෙන්.

‘බොදු උදාන’ මානව සම්පත් සංවර්ධන හා ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන නුවරඑළියෙන්.

‘බොදු උදාන’ මානව සම්පත් සංවර්ධන හා ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන නුවරඑළියෙන්. "බොදු උදාන" පාසල් සිසු දරුවන්ගේ දැනුම, ආකල්ප හා කුසලතා සංවර්ධන අධ්‍යාපනික ව්‍යාපෘතිය මගින් සමාජ විඥානය පෝෂණය කරමින් යහපත් මානවීය ගුණාංගයන්ගෙන් හෙබි රටට වැඩදායී සිසු දරුවන් පිරිසක් බිහි කිරීම අරමුණු කරගෙන සිදුකරන ශිෂ්‍යත්ව ප්‍රදාන වැඩසටහන් මාලාවේ ආරම්භක ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදී පසුගිය (28) වන දින පැවැත්විණ.දම්සවිය ජාත්‍යන්තර පදනම විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන අතර එහි සමාරම්භක වැඩසටහන කොත්මලේ අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන් 900 ක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිත අතර ඊට අදාලව ශිෂ්‍යත්ව ලබාදීම සංකේතවත් කරමින් එම ලිපි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පිරිනැමිණ.ඒ අනුව මධ්‍යම පළාතේ දුෂ්කර පාසැල් වල අධ්‍යාපනය ලබන අ. පො. සා. පෙළ සිසු දරුවන් සඳහා විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා සියලු පහසුකම්වලින් සහිත අධ්‍යාපනයක් ලබාදීමත් සාරධර්මයන්ගෙන් පරිපුර්ණ දැනුම කුසලතාවයන්ගෙන් සන්නද්ධ සිසු පිරිසක් රටට බිහිකිරීමත් මුලිකව මෙම ව්‍යාපෘතිය තුලින් බලාපොරොත්තු වේ. එහිදී ගණිතය, ඉංග්‍රීසි හා විද්‍යාව විෂයන් සදහා තෝරාගත් පුහුණු ගුරුවරුන්ගේ සම්පත් දායකත්වයෙන් නොමිලේ අතිරේක පන්ති සතිඅන්තයේදී පැවැත්වීමට නියමිත අතර එම සිසු සිසුවියන් සදහා විශ්වවිද්‍යාලය අධ්‍යාපනය දක්වා පාසල් උපකරණ හා පෝෂණ අවශ්‍යතා සදහා දම්සවිය ජාත්‍යන්තර පදනමේ අනුග්‍රහයෙන් සම්පුර්ණ කිරීමට නියමිතය.මෙහිදී අදහස් දක්වමින් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රකාශ කර සිටියේ මේ වෙනුවෙන් මහත් වෙහෙසක් ගත් දම්සවිය පදනමට ප්‍රණාමය පුද කරන බවත්, දම්සවිය පදනම විසින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මගින් පොත පතින් පමණක් ගුණගරුක විනයගරුක සමාජයක් නිර්මාණය කළ නොහැකි බවත් වර්තමානයේ දී ගුණ ගරුක සමාජයක් නිර්මාණය කිරිමේ අවශ්‍යතාව ඇති බවත් මෙය ඒ සදහා හොඳ අවස්ථාවක් බවත් ප්‍රකාශ කෙරින. අධ්‍යාපන යනු දැනුම පමණක නොව ආකල්ප, කුසලතා හා බද්ධ වු කාර්යයකි. ඉපදුන මහපොලවට පරිසරයට ආදරය කරන දරුවන් නිර්මාණය කිරිම අපගේ වගකීමක් බවයි මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ. මෙම වැඩසටහන සදහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් මහතා, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස මහතා ඇතුළු අධ්‍යාපන නිලධාරීන් පිරිසක් හා දම්සවිය ජාත්‍යන්තර පදනමේ සභාපති තුෂාර ගුණතිලක මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය දෙමාපිය හා සිසු දරුවන්වන් ඇතුළු පිරිසක් ඊට සහභාගී විය. මෙම වැඩසටහනේ දෙවන අදීයර වලපනේ අධ්‍යාපන කලාපය කේන්ද්‍ර කරගනිමින් වලපනේ යොවුන් සේනාංක ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ. වලපනේ අධ්‍යාපන කලාපයේ පාසල් දරුවන් 1080ක් ඉලක්ක කරගනිමින් ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීමට නියමිත අතර එය සංකේතවත් කරමින් ශිෂ්‍යත්ව ලිපි දම්සවිය ජාත්‍යන්තර පදනම සභාපති තුෂාර ගුණතිලක මහතා විසින් පිරිනැමිණ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook