
මධ්‍යම පළාතේ මුල් ළමාවිය සංවර්ධන උපදේශිකාවන්ගේ වෘත්තිමයභාවය වැඩි දියුණු කිරීම සදහා පුහුණු වැඩසටහනක්.
මධ්‍යම පළාතේ මුල් ළමාවිය සංවර්ධන උපදේශිකාවන්ගේ වෘත්තිමයභාවය වැඩි දියුණු කිරීම සදහාත් ඔවුන්ගේ න්‍යායාත්ම දැනුම සදහා යාවත්කාලීන වු නව ගෝලීය දැනුම් එකතු කිරීම සදහා මධ්‍යම පළාත් මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂතුමාගේ මග පෙන්විමේන් UNICEF ආයතනයේ මුල්‍ය අනුග්‍රහය යටතේ මුල් ළමාවිය සංවර්ධන උපදේශිකාවන්ගේ දැනුම යාවත්කාලින කිරිම සදහා කාලීනව වැදගත්වන්නා වු මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ මාතෘකාවන් යටතේ මොඩියුල 07 ක් සකස් කරන ලදි. එසේ සකස් කරන ලද මොඩියුල 07 භාවිතා කරමින් නුවරඑළියේ දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සදහා පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් නිලධාරින 60 දෙනෙකුගේ සහභාගිත්වයෙන් දින 08 ක් පුරාවට සිංහල හා දෙමළ මාධ්‍යයෙන් පොල්ගොල්ල සමූපකාර සංවර්ධන ආයතනයේදි සහ ගුරුදෙණිය අධ්‍යාපන සංවර්ධන ආයතනයේදි පවත්වන ලදි.
මුල් ළමාවිය සංවර්ධන ඒකකයේ අධ්‍යක්ෂ ටි. කේ ගුණත්ලක මහතාගේ ආරාධනයෙන් පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් එච්.එම්.එම්.යු.බි හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සහතික පත්‍ර ප්‍රදානය කරන ලදී. මේම අවස්ථාවට UNICEF ආයතනයේ ජාතික කාර්යාලයේ නිළධාරිනි ශශිකලා රත්නායක මහත්මිය ද මධ්‍යම හා ඌව පළාත් වැඩසටහන් හා භාරව කටයුතු කරන සුගත් අදිකාරම් මහතා ද සහභාගී විය.