
"සමුපකාර කොමිසම ගමට - ජංගම සේවාව"
පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතියේ පූර්ණ අනුග්‍රාහකත්වය යටතේ මධ්‍යම පළාත් සමුපකාර සේවක කොමිෂන් සභාව මගින් සංවිධානය කරනු ලැබූ "සමුපකාර කොමිසම ගමට - ජංගම සේවාව" පසුගියදා (03) මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ, පල්ලෙපොල විවිධ සේවා සමුපකාර සමිති පරිශ්‍රයේදී පැවැත්විණි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගමගේ මහතා පල්ලේපොල විවිධ සේවා සමූපකාර සමිතිය විසින් සිදුකර ඇති මෙම ජනතා හිතවාදී කර්තව්‍යය සෙසු සමූපකාර සමිති සඳහා ආදර්ශයක් බවත් රට ආර්ථික අර්බුදයකට මුහුණපා සිටින අවස්ථාවක සමූපකාර සමිති විසින් ජනතාවට සහන ලබා දෙමින් සිදු කරන්නා වූ සේවය ද අගය කිරීමට ලක් කළේය. එසේම මෙම අවස්ථාවේ දී විවිධ සේවා සමුපකාර වල සේවය කරන නිලධාරීන් වෙත සිය රැකියාවේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානයක් ද කෙරිණි.සමූපකාර සේවකයින්ගේ රාජකාරි සම්බන්ධයෙන් සමූපකාර සේවක කොමිෂන් සභාව වෙතින් නිරාකරණය කරගැනීමට හෝ සමූපකාර කොමිෂන් සභා සාමාජිකයින් ඉදිරියේ සාකච්ඡා කරගැනීමට අවස්ථාව ලබා දී තිබිණි. එසේම මෙදින ආණ්ඩුකාරතුමා වෙත මාතලේ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන්ගේ සහ සමුපකාර සභාපතිවරුන්ගේ ගැටළු ඉදිරිපත් කිරීමට ද අවස්ථාව උදා විය.මෙම වැඩසටහනට සමගාමීව වෛද්‍ය සායනයක්, අක්ෂි සායනයක්, ලේ දන්දීමේ කඳවුරක් පොලිස් ජංගම සේවයක්,මූර්ති සමෘද්ධි පොළක්,දැනුවත් කිරීම්, පැල බෙදාදීම් ආදී වැඩසටහන් රාශියක් පැවැත්විණ. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය, මධ්‍යම පළාත් කර්මාන්ත හා සමුපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක මහතා,පේෂකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් අධ්‍යක්ෂ ස්වර්ණා පෙරේරා මහත්මිය, සමූපකාර කොමිෂන් සභාවේ ලේකම් කේ. ඒ .එල්. සජීවනි මහත්මිය, සමුපකාර සේවක කොමිෂන් සභාවේ සභාපති ටී.ඩී. ජයතිස්ස, පල්ලේපොල විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති සම්පත් ලියනගේ මහතා,හිටපු චීනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් පාලිත කොහොන මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.