
පරිසරය සුරකින සිසු නායකත්වයක් ගොඩ නංවයි.
පරිසරය සුරකින සිසු නායකත්වයක් ගොඩ නංවයි.
කසළ කළමනාකරණය විධිමත් කොට පාරසරික සුරක්ෂිතභාවය තහවුරු කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ පාසල්වල ශිෂ්‍ය නායකයන් දැනුම්වත් කිරීමේ වැඩසටහනක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (07) හසලක, ආර්.ප්‍රේමදාස ජාතික පාසල් ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. මිනිපේ ප්‍රාදේශීය සභාව සංවිධානය කළ මෙම වැඩසටහනේ අරමුණ වනුයේ ඒ සඳහා වන අනාගත නායකත්වයක් පාසල් ශිෂ්‍ය ප්‍රජාව අතරින් ගොඩ නැංවීමය. මිනිපේ කොට්ඨාශ අධ්‍යාපන කාර්යාලයේ සහයද ඇතිව සංවිධානය කෙරුණු මෙම වැඩසටහන සඳහා warehouse හා neglect ආයතන අනුග්‍රාහක දායකත්වය ලබා දී තිබිණි.වැඩසටහනට සමගාමීව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පාසල් ළමුන් දැනුම්වත් කිරීමේ කාර්යයක් මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබ තිබිණි.මෙම අවස්ථාව සඳහා අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ සම්බන්ධිකරණ ලේකම් කමල් බෙලිගොල්ල මහතාද, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතා හා පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මියද, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය හා මහනුවර දිස්ත්‍රික් සහකාර පළාත් පාලන කොමසාරිස් නිලූකා බුලත්ගේ මහත්මියද, මධ්‍යම පරිසර අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියහ.