
හසලකදී පලතුරු පැල බෙදා දීමක්. රුක් රෝපණ වැඩසටහනක්
හසලකදී පලතුරු පැල බෙදා දීමක්. රුක් රෝපණ වැඩසටහනක්
ටෝකියෝ සිමෙන්ති සමාගමේ අනුග්‍රහය සහිතව මිණිපේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සියලුම පාසල් වෙත පලතුරු පැල පනහ බැගින් බෙදා දීමේ වැඩසටහනක් පසුගියදා (07) හසලක, රඹුක්වැල්ල ප්‍රාථමික විද්‍යාලයේදී පැවැත්විණි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ. ගමගේ මහතාය.මෙයට සමගාමීව ප්‍රදේශවාසීන්ගේ හා පාසල් සිසු ප්‍රජාවගේ සහභාගිත්වයෙන් දුනුමඩලාව වැව් තාවුල්ලේ රුක්රෝපණ වැඩසටහනක්ද ‘හුස්ම හිටවමු’ මැයෙන් සංවිධානය කොට තිබිණි. මෙහිදී දුනුමඩලාව වැවේ ජලය එක්රැස් නොවීම සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කොට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට පියවර ගන්නා ලෙස ආණ්ඩුකාර ගමගේ මහතා විසින් බලධාරීනට උපදෙස් ලබා දෙන ලදී.
මේ අවස්ථා සඳහා මිනිපේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමිත් අබේසිංහ මහතාද, පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් මහතාද, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය හා මහනුවර සහකාර පළාත් පාලන කොමසාරිස් නිලූකා බුලත්ගේ මහත්මියද, මිනිපේ ප්‍රාදේශීය සභාවේ ලේකම් නිමල් මහවත්ත මහතාද, විදුහල්පති සුභරත්න විදානගේ මහතාද, ටෝකියෝ සිමෙන්ති සමාගමේ මෙහෙයුම් කළමනාකරු සාලින්ද කටුපොල මහතාද, ගුරු භවතුන් හා සිසුන් පිරිසක්ද එක්ව සිටියහ.