සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

පොලිස්පති අභියෝගතා කුසලාන ශිෂ්‍ය බට තරගාවලියේ අනුශුරතාවය දිනු මහනුවර විද්‍යාර්ථයින්ට උපහාර.

පොලිස්පති අභියෝගතා කුසලාන ශිෂ්‍ය බට තරගාවලියේ අනුශුරතාවය දිනු මහනුවර විද්‍යාර්ථයින්ට උපහාර.

පොලිස්පති අභියෝගතා කුසලාන ශිෂ්‍ය බට තරගාවලියේ අනුශුරතාවය දිනු මහනුවර විද්‍යාර්ථයින්ට උපහාර. ශ්‍රී ලංකා පොලිස්පති අභියෝගතා කුසලාන සමස්ත ලංකා පාසල් ශිෂ්‍යබට තරගාවලියේ අනු ශුරතාවය දිනා ගත් මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ පොලිස් ශිෂ්‍යබට කණ්ඩායමට උපහාර පිදීමේ උත්සවයක් ඉකුත්දා (14 ) ශ්‍රී පොලිස් ශිෂ්‍යබට බලඇණියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චින්තන ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාර්ථ විද්‍යාලිය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ. උපහාරයට ලක්වූ ශිෂ්‍යබට කණ්ඩායම මහනුවර නගරයේ සිට රථ පෙළපාලියකින් හා තූර්යවාදන කණ්ඩායම් පෙරටුව පාසල වෙත කැදවාගෙන එනු ලැබු අතර , පසුව පාසලේදී ඔවුන්හට උපහාර දක්වමින් පදක්කම් හා සහතිකපත් පිරිනැමීම සිදු කරන ලදී. 2020 වර්ෂයේ විද්‍යාර්ථ විද්‍යාලයේ ආරම්භ කරන ලද පොලිස් ශිෂ්‍යබට පුහුණුව ඉතා කෙටි කලකින් විශිෂ්ට දක්ෂතා දැක්වීමට සමත් වී ඇත. 2022 වර්ෂයේ දී මෙම තරගාවලියේදී සිව්වන ස්ථානය ලබාගැනීමට සමත් වූ විද්‍යාර්ථය , 2023 වර්ෂයේ දී සමස්ත ලංකා අනුශුරතාවය දිනා ගැනීමට සමත්වීම ද විශේෂත්වයකි. මෙහිදී ප්‍රථම ස්ථාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් වූ අතර , ශාරීරික අභායාස අංශය ප්‍රථම ස්ථානය , ඉදිරිපත් කිරීම් අංශයේ ප්‍රථම ස්ථානය , විවිධ ප්‍රසංගයේ ප්‍රථම ස්ථානය සමගින් ජීව වෙඩි තැබීම අංශයේ දෙවන ස්ථානය , ගණසරඹ අංශයේ දෙවන ස්ථානය හා බට නිවාස අංශයේ දෙවන ස්ථානය සමගින් මුළු ලකුණු 1799.7 ක් ලබා ගනිමින් මෙම දක්ෂතාවය දක්වා ඇත. මෙහිදී දරුවන් 25 දෙනෙකු ඇගයීමට ලක් කිරීම සිදු කළ අතර පොලිස් ශිෂ්‍යබට ඛාණ්ඩ භාර ආචාර්ය නිලන්ත ජයසිංහ මහතා ද ඇගයීමට ලක් කෙරින. විද්‍යාර්ථ විද්‍යාලයේ විදුහල්පති ලුතිනන් කර්නල් එම් .ආර් .ජී .මායාදුන්න මහතාගේ උපදෙස් මත සංවිධානය වූ මෙම වැඩසටහන සඳහා පොලිස් ශිෂ්‍ය භට ඛණ්ඩයේ මුලස්ථානපොලිස් පරීක්ෂක රසික සම්පත් ඇතුළු පොලිස් නිලධාරින් , මහනුවර කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂ ජේ.එස්.වීරක්කොඩි යන මහත්වරුන්, පාසලේ නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන් ,දෙමව්පියන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook