සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මාතලේ අලුවිහාරේ විහාරාධිපති දර්ශනශුරි ඉනාමළුවේ නන්දරතන නායක ස්වාමින් වහන්සේගේ ආදාහනෝත්සවය.

මාතලේ අලුවිහාරේ විහාරාධිපති දර්ශනශුරි ඉනාමළුවේ නන්දරතන නායක ස්වාමින් වහන්සේගේ ආදාහනෝත්සවය.

මාතලේ අලුවිහාරේ විහාරාධිපති දර්ශනශුරි ඉනාමළුවේ නන්දරතන නායක ස්වාමින් වහන්සේගේ ආදාහනෝත්සවය. අපවත් වී වදාළ මාතලේ අලුවිහාරේ විහාරාධිපති , තල්ගහගොඩ ,නිත්තවෙල ,අස්ගිරිය, සමන්දාව යන චතුර්විද විහාරයන්හි විහාරාධිපති සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ කර්මාචාර්ය ,දකුණු කොරියාවේ දොන් ගුක් විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ අංශාධිපති දර්ශනශුරි ඉනාමළුවේ නන්දරතන නායක ස්වාමින් වහන්සේගේ ආදාහනෝත්සවය 15 දින මාතලේ අලුවිහාරේ පාසල් ක්‍රීඩාංගනයේ දී සිදු කෙරින. දැයට වීරයන් බිහිකළ මාතලේ උතුරු පළාතේ ඉනාමලුව ප්‍රදේශයේ දී 1965 අගෝස්තු 30 වන දින ඒකනායක මුදියන්සේලාගේ කුලතිලක බණ්ඩාර නමින් උපත ලබා 1976 ජනවාරි 08 දින රන්ගිරි දඹුලු විහාරයේදී පැවිදි දිවියට ඇතුලත් ව ඉනාමළුවේ නන්දරතන නමින් සසුන්ගත විය. කවටයාමුනය පිරිවෙනෙන් හා මාදන්වෙල පිරිවෙනෙන් අධ්‍යාපනය හදාරා 1991 වර්ෂයේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇතුලත්ව විශේෂ ශාස්ත්‍රපති උපාධිය ලබාගත් අතර ඉන් අනතුරුව දකුණු කොරියාවේ දොන් ගුක් විශ්ව විද්‍යාලයෙන් දර්ශනශුරි උපාධිය හදාරා එම විශ්ව විද්‍යාලයේම ථෙරවාදී බුදුදහම හා පාලි භාෂාව පිළිබදව කථිකාචාර්ය වරයෙකු ලෙසද ,ඉන් අනතුරුව එම විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යන අංශයේ අංශාධිපති ලෙස ද කටයුතු කළේය. ත්‍රිපිටකය සුරක්ෂිත කිරීමේ ලෝක මධ්‍යස්ථානය වන මාතලේ අලුවිහාරේ විහාරයේ විහාරාධිපති දර්ශනශුරි ඉනාමළුවේ නන්දරතන නායක ස්වාමින් වහන්සේ වසර 58ක් ආයු වළදා ඉකුත්දා අපවත්විය. මෙම ආදාහනෝත්සවය සදහා ශ්‍යාමෝපාලි වංශික මාහා නිකායේ අස්ගිරි හා මල්වතු උභය විහාරයන්හි අනුනායක හිමිපාණන් වහන්සේලාගේ ප්‍රධානත්වයෙන් හා මහා සංඝරතනයේ සහභාගිත්වයෙන් සිදු කරන ලද අතර , මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ ,ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොට්ටෙගොඩ යන මහත්වරුන් ද එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook