
ඩෙංගු රෝගීන් ඉහළ යාම හා එම රෝගය ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා විශේෂ සාකච්ජාවක්.
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ඩෙංගු රෝගීන් ඉහළ යාම හා එම රෝගය ව්‍යාප්තිය අවම කර ගැනීම සඳහා එළඹෙන23වෙනිදා සිට (බ්‍රහස්පතින්දා දින සිට) මාසයක කාලයක් මධ්‍යම පළාතේ ඩෙංගු මැඩලීම වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දියත් කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා උපදෙස් ලබා දෙයි.
ඒ මහතා මෙලෙස උපදෙස් ලබාදෙනු ලැබුවේ 21 දා මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවති මධ්‍යම පළාත් ඩෙංගු මර්ධන කමිටු විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.
එම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී පළාත තුළ ඩෙංගු තත්ත්වය ව්‍යාප්තවීම හා සෞඛ්‍ය අංශය පෙන්වාදුන් අවදානම් තත්වයෙන් ජනතාව ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කිරීම සිදු වු අතර, පවතින දැඩි අවධානම් වතාවරණය හමුවේ කඩිනමින් ජනතාව දැනුවත් කරමින් ප්‍රායෝගික වැඩපිළිවෙලක අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී.
මේ වන විට සෞඛ්‍ය අංශය මගින් පළාත තුළ කීට විද්‍යා සමීක්ෂණ සිදු කර ඇති අතර එමගින් අනාවරණය කරගත් කරුණු පදනම් කරගනිමින් මහනුවර, මාතලේ හා නුවරඑළිය යන දිස්ත්‍රික්කයන්හි ඩෙංගු රෝගය ව්‍යාප්තිය අවම කිරීම සඳහා නව වැඩපිළිවෙලක අවශ්‍යතාවය පෙන්වා දෙන ලදී. මහනුවර දිස්ත්‍රික්කය දැඩිව අවදානම් සහිත කලාපයක් බවට ද මෙම සමීක්ෂණයෙන් හඳුනාගෙන ඇත.
මෙහිදී පාසල්, පොලිසි, ආගමික ස්ථාන, උසාවිසංකීර්ණ ,රාජ්‍ය ආයතන හා පොදු ස්ථාන ඇතුලු ඩෙංගු මදුරුවන් බෝවීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ගයන් සම්බන්ධයෙන් කරුණු සාකච්ඡාවට බඳුන් වු අතර ඒ අනුව අදාළ විශේෂ වැඩසටහන පළාත තුළ ක්‍රියාත්මක කිරීම සදහා අදාළ අංශ වලට මෙහිදී වගකීම ද පවරන ලදී.
මෙම සාකච්ඡාව සදහා පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත්, මාර්ග අමාත්‍යාංශයේ ලේකම් මධූපානි පියසේන, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජගත් අධිකාරී, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය යන මහත්ම මහත්මීන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් රැසක් එක් ව සිටියහ.