
මහනුවර අධ්‍යාපන කලාපයේ 'We are smart kids'ලෙසින් නව වැඩසටහනක් එළි දැක්වේ.
මහනුවර අධ්‍යාපන කලාපයේ 'We are smart kids'ලෙසින් නව වැඩසටහනක් එළි දැක්වේ.
මහනුවර අධ්‍යාපන කලාපයේ 'We are smart kids'ලෙසින් නව වැඩසටහනක් මහනුවර APIIT campus හිදී පසුගිය 24 වනදා මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩි. අයි. සී. අන්දරගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
We are smart kids ලෙස නම් කරන ලද මෙම වැඩසටහනේ පළමු අදියර 5 ශ්‍රේණියෙන් 6 ට දරුවන් වෙත ප්‍රවේශ වීමේ දී ද්විතියික අධ්‍යාපනයට සුදානම් කිරීමේ සබඳතාව ඇතිකිරීම සහ ශිෂ්‍යත්ව විභාගයෙන් පසුව ක්‍රියාකාරකම් සහිතව විනෝදයෙන් සිටීමත්
ඉංග්‍රීසි කථනය පුහුණුකිරීම ප්‍රමුඛ වු වැඩසටහන 5 ශ්‍රේණියේ දරුවන්ටත්, 6 සිට 10 ශ්‍රේණිවල දරුවන්ට ඉංග්‍රීසි සන්නිවේදන කුසලතා සංවර්ධනය කිරීම සඳහා වැඩසටහනක්ද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ කලාපයේ සියලු ඉංග්‍රීසි ගුරු භවතුන්ට හඳුන්වා දුන් අතර මහනුවර අධ්‍යාපන කලාපයේ සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂ කේ ඩි ඩි ප්‍රියදර්ශනී මහත්මියගේ සම්පත්දායකත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වින.
මෙම අවස්ථාවට සන්ධ්‍යා සුජීවනී , එන් කුඹුරේගම සහ මහනුවර RESC හි මධුරි කන්නන්ගර යන මහත්මීන් සහභාගි වුහ.