
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ “INGENIOUS - 2023” අධ්‍යාපනික ප්‍රදර්ශනය මහනුවර දොඩම්වලදී.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ “INGENIOUS - 2023” අධ්‍යාපනික ප්‍රදර්ශනය මහනුවර දොඩම්වලදී.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන් වර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කරන ලද “INGENIOUS - 2023” (ඉන්ජිනියස්) අධ්‍යාපනික ප්‍රදර්ශනය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 29දා මහනුවර දොඩම්වල විශේෂ පාසලේදී ආරම්භ කෙරුණි.
එම අවස්ථාවේ අදහස් දැක්වූ ආණ්ඩුකාරවර ගමගේ මහතා , අධ්‍යාපනයේ අවසාන අරමුණ යහපත් පුරවැසියකු සමාජ ගත කිරීමයි. දරුවන්හට ජිවිතාවබෝධය මෙන්ම ව්‍යවසායකත්ව දැනුමත් ලබාදෙමින් හොදම දේ දරුවන්හට ලබාදීම අද කාලින අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ඉපදෙන හැම දරුවෙකුටම සමාන අයිතිවාසිකම් ලබාදිය යුතුයි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අනුකම්පාව නොව නිවැරදි මග පෙන්වීමයි අද අවශ්‍ය වන්නේ.ඒ සදහා හොදම ආදර්ශය මෙම පාසලෙන් නිවැරදිව සිදුවෙනවා. මේ කාර්යය වඩා සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහය ලබාදීමට මැදිහත්වන බව ද ඒ මහතා මෙහිදී පැවසිය.
විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ නිර්මාණ ඇතුලත් ලංකාවේ ප්‍රථම අධ්‍යාපනික ප්‍රදර්ශනය මෙය වන අතර , පාසලේ දරු දැරියන් ගේ නිර්මාණ හා දක්ෂතා මෙම ප්‍රදර්ශනයට එක් කර පැවතුනී. පුරාණ චාරිත්‍ර පිළිබදව හා නව තාක්ෂණික අංශයන් බද්ධකර ගනිමින් දැනුම ලබාගැනීමට හැකිවන ලෙස ප්‍රදර්ශන කුටි රැසක් මෙහි නිර්මාණය කොට පැවතුනී.
1912 වර්ෂයේ ශ්‍රී ලංකාව තුළ විශේෂ අවශ්‍යතා සහිත පාසල් සංකල්පයේ මුලාරභය සිදුව ඇති අතර , ඒ අනුව 1962 වර්ෂයේ මාර්තු මස 08 වන දින මහනුවර දොඩම්වල විශේෂ පාසල ආරම්භ කොට ඇත. මෙම විශේෂ පාසල මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් යුක්ත පාලක මණ්ඩලයක් මගින් පරිපාලනය වීම ද විශේෂත්වයකි.
මෙම පාසල තුළ දරුවන් 100 දෙනෙකුට අධික සංඛ්‍යාවක් අධ්‍යාපනය ලබන අතර, පළමු වසරේ සිට සාමාන්‍ය පෙළ දක්වා පාසල් විෂය නිර්දේශය හා යටතේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙනු ලැබේ. එසේම දරුවන්හට වෘත්තීය පුහුණු අවස්ථා ලබාදෙමින් ස්වයංව නැගිසිටිය හැකි පුදගලයෙකු බවට පත් කිරීමට පියවර ගෙන ඇත. දරුවන්ට වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව ලබා දෙමින් එම දරුවන්ගේ ඉදිරි අනාගතය ශක්තිමත් කිරීම හා ඔවුනට රැකියා අවස්ථා උදා කරදී සමාජය තුල ශක්තිමත්ව නැගී සිටිමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට ද පියවර ගෙන ඇත. ඒ අනුව ඇදුම් මැසිම ,රූපලාවන්‍ය ,බේකරි නිෂ්පාදන , කෘෂිකර්මාන්‍තය , වැනි ක්ෂේත්‍ර රැසකින් පුහුණු අවස්ථා ලබාදීම සිදු කෙරෙන අතර මෙම ප්‍රදර්ශනයේදී එම අංගයන් ද එක් කොට පැවතුනී. මෙම ප්‍රදර්ශනය පුරා දින තුනක කාලයක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. (29,30,01)
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ චමරි අන්දරගේ , සෙංකඩගල විශේෂ පාසලේ විදුහල්පති කුමුදිනී අබේරුවන් යන මහත්ම මහත්මීන් ,පළාත් පරිවාස කොමසාරිස් , පළාත් ආයුර්වේද කොමසාරිස් ඇතුළු නිලධාරින් පිරිසක් සහභාගී විය.