සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් “ගුරු ප්‍රතිභා 2023”

මධ්‍යම පළාත් “ගුරු ප්‍රතිභා 2023”

මධ්‍යම පළාත් “ගුරු ප්‍රතිභා 2023” වසරේ විශිෂ්ටතම ගුරු විදුහල්පතිවරුන් අගයන මධ්‍යම පළාත් “ගුරු ප්‍රතිභා 2023” වැඩසටහන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර ආණ්ඩුකාර කාර්යාලිය ශ්‍රවනාගාරයේ දී 29 දින පැවැත්විණ. මෙහිදී ජාතික මට්ටමේ පාසල් ව්‍යවහාර නිර්ණායක පදනම් කරගනිමින් මධ්‍යම පළාතේ පවතින කලාප අධ්‍යාපන කාර්යාල 15 නියෝජනය කරමින් පාසල් 22ක් සදහා ඇගයීම සිදු කරනු ලැබූ අතර මෙම වැඩසටහනේදී ප්‍රණාම ලාභින් ලෙස විදුහල්පතිවරුන් හා ගුරුවරුන් තිස් දෙදෙනෙකු සදහා (32) ඇගයීම් පත්‍ර ලබාදීම සිදු කරනු ලැබූ අතර , පළාතේ ඕනෑම අධ්‍යාපන කාර්යයකදී විශේෂ අනුග්‍රහයක් ලැබීම සදහා වන "ප්‍රමුඛතා සේවා පතක් " මොවුන් සියලු දෙනා වෙත පිරිනැමීම ද සිදු විය. මෙහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා , සියලු පහසුකම් ලබාදීලා පාසල් පවතින තත්වයෙන් ඉහලට ගන්නවාට වඩා අඩු පහසුකම් යටතේ පාසල් ඉහළ සාධනියත්වයක් ලබාගැනීම වෙත ගමන් කිරීම විශිෂ්ට ලක්ෂණයක්. ඒ තත්වයට අපේ පාසල් පද්ධතියම ලගාවිය යුතුයි. සාම්ප්‍රදායකත්වයෙන් ඔබ්බට ගොස් දරුවන්ගේ අනාගතය වෙනුවෙන් සෑම පාසලක්ම මේ වෙනස වෙත ගමන් කිරීමට පදනම ගොඩනැගීම කාලින අවශ්‍යතාවයක්. තමන්ගේ සේවය නිවැරදිව කරනවා නම් ඔවුන්හට අගය කිරීම් වැඩිවෙනවා. දක්ෂතාවය මතයි මේ හැමදේම සිදු වෙන්නේ. ඒ නිසා රාජ්‍ය සේවය තුළ මේ වෙනස ඇතිවිය යුතුයි. රාජ්‍ය සේවකයින්ගේ ඇගයීම් ක්‍රමවේදයන් ඒ අනුවම වෙනස්විය යුතුයි. අද සම්මානයට ලක්වන සියලු දෙනා තමන්ගේ කැපකිරීම සිදු කරලා තියෙන්නේ යහපත් සමාජයක් ගොඩනැගීම සදහා අනාගත දරු පරපුර වෙනුවෙන්. මේ යහපත් ආරම්භය දිගු ගමනකට පරිවර්තනය කරන්න දායක වෙන්න යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා පැවසිය. මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සදහා ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මේනක හේරත් , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස යන මහත්ම මහත්මීන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook