සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

රෝහලක් තුළ සිටින වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය මහනුවර ජාතික රෝහලෙන් වාර්තාවේ.

රෝහලක් තුළ සිටින වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය මහනුවර ජාතික රෝහලෙන් වාර්තාවේ.

රෝහලක් තුළ සිටින වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය මහනුවර ජාතික රෝහලෙන් වාර්තාවේ. මේ වනවිට රෝහලක් තුළ සිටින වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණය සහිත රෝහල බවට මහනුවර ජාතික රෝහල පත්ව ඇති බවත් , දෛනිකව රෝගීන් 72ක් එහි වාර්තා වන බවත් එය කොළඹ ජාතික රෝහලේ අගය වන 66 දෙනා ඉක්මවා ගොස් ඇති බවත් ප්‍රජා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත මාසාආරච්චි මහතා පවසයි. ඩෙංගු රෝගයෙන් මේ වනවිට මහනුවර දිස්ත්‍රික්කය තුළ මරණ 8ල් වාර්තාවී ඇති අතර ජාතික ඩෙංගු රෝග මර්දන ඒකකය මගින් 47 වන සතියේ නිකුත් කරන ලද තොරතුරු අනුව (පසුගිය සතිය ) ඩෙංගු රෝගීන් 335ක් වාර්තා වී ඇති බව ප්‍රජා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත මාසාආරච්චි පවසයි. 2023 වර්ෂය තුළ මහනුවර දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගීන් 7422ක් වාර්තා වී ඇති අතර වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ මහනුවර නාගරික බල ප්‍රදේශයෙනි. එම අගය 1431 වේ. දෛනිකව මහනුවර නගරයට ලක්ෂ තුනකට අදික ජනතාවක් පැමිණෙන බැවින් මේ තත්වය පාලනය කිරීම සදහා සියලු ප්‍රජාවගේ දායකත්වය හා රාජ්‍ය හා පෞද්ගලික ආයතන සියල්ලේ සහය අවශ්‍ය බව ඒ මහතා පෙන්වා දුන් අතර පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ වැඩි අවධානමක් පවතින බැවින් ඒ සදහා ගතයුතු පියවර පිළිබදව මෙහිදී සාකච්ජා කෙරිණි. පසුගිය වර්ෂයේ නොවැම්බර් හා දෙසැම්බර් මාසවල මහනුවර ඉහල රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති බවත් එම තත්වය මේ වර්ෂයේ වලක්වා ගැනීම සදහා කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී පෙන්වා දෙන ලදී. මහනුවර දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් එකාබද්ධව මෙම ඩෙංගු උවදුර තුරන් කිරීමට කඩිනමින් කටයුතු කිරීම සදහා ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා මාසයක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් මධ්‍යම පළාත් තුළම ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව ද ඒ සදහා සියලු රාජ්‍ය ආයතන මැදිහත්ව දායක වන ලෙස ද මෙහිදී දන්වන ලදී. ඒ මහතා මේ බව පැවසුයේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවනාගාරයේ පැවති (28) දිස්ත්‍රික් ඩෙංගු මර්දන කමිටු රැස්වීමේදීය. ප්‍රාදේශීය සෞබ්‍යය සේවා අධ්‍යක්ෂ සේනක තලගල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කමිටුව සදහා අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල ,ප්‍රජා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත මාසාආරච්චි ,දිස්ත්‍රික්කයේ සෞබ්‍යය වෛද්‍ය නිලධාරින් , ප්‍රාදේශීය ලේකම්වරුන් ,පළාත් පාලන ආයතන ප්‍රධානින් ඇතුළු නිලධාරින් පිරිසක් එක්ව සිටිහය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook