
මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට නව කෝප්සිටි වෙළෙඳ සැලක් විවෘත කෙරේ.
මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට නව කෝප්සිටි වෙළෙඳ සැලක් විවෘත කෙරේ.
පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම සඳහා කැප වූ සමුපකාර නව කෝප්සිටි වෙළද සැළක් ඊයේ (30) මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරය ඉදිරිපිට දී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ සුරතින් පාරිභෝගික අයිතියට පත් කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය සදහා ලක්ෂ 40 කට ආසන්න මුදලක් වැය කෙරිණි. මධ්‍යම පළාත් සමුපකාර ලේකම් උපාලි රණවක මහතා,සමුපකාර කොමසාරිස් අමිල නවරත්න යන මහත්වරු ඇතුළු ආරාධිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.