
මධ්‍යම පළාතේ ආර්ථික සමාජ සංවර්ධනය වෙනුවෙන් වැඩසටහනක්.
මධ්‍යම පළාතේ ආර්ථික සමාජ සංවර්ධනය වෙනුවෙන් වැඩසටහනක්.
මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ වනිතා කටයුතු අංශය හා හදබිම අධිකාරිය එක්ව මධ්‍යම පළාතේ අඩු ආදායම්ලාභී කාන්තාවන්ගේ පවුල්වල ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 18ක ප්‍රතිලාභීන් 50 දෙනෙකු සඳහා කුකුළු පැටවුන් 500ක් ලබාදීමේ වැඩසටහනක් ඊයේ ( 30) මහනුවර බෝගම්බර පිහිටි සමුපකාර දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙහිදී එක් පවුලක් සඳහා කුකුල් පැටවුන් 10 ක ගෙන් යුතු ඒකකයක් ලබා දෙන ලදී.
මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක මහතාගේ හා වනිතා කටයුතු අංශයේ අධ්‍යක්ෂ එරන්දි කුමාරගේ මහත්මියගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක මෙම වැඩසටහනට සමුපකාර දෙපාර්තුමේන්තුවේ පළාත් කොමසාරිස් අමිල නවරත්න, හදබිම අධිකාරියේ නිලධාරීන් ඇතුළුරාජ්‍ය නිලධාරීන් හා ප්‍රතිලාභීන් පිරිසක් සහභාගි වූහ.