සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මාතලේ  විශේෂ පරිසර වැඩසටහනක් මඩවල උල්පත නගරයේ දී.

මාතලේ විශේෂ පරිසර වැඩසටහනක් මඩවල උල්පත නගරයේ දී.

මාතලේ විශේෂ පරිසර වැඩසටහනක් මඩවල උල්පත නගරයේ දී. මාතලේ ප්‍රාදේශීය සභාව මගින් ක්‍රියාත්මක නගර අලංකරණ ව්‍යාපෘතියට සමගාමී විශේෂ පරිසර වැඩසටහනක් මඩවල උල්පත නගරයේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 14 දින මඩවල උල්පත නගරයේ දී පැවැත්විණ. එහිදී නගරික ප්‍රදේශයේ රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලද අතර මෙම ප්‍රදේශයේ ස්වාභාවිකව පිහිටා ඇති නොසිඳෙන ජල උල්පත් නිරීක්ෂණයට ද එක්විය. මීට සමගාමීව මඩවල උල්පත පුස්තකාල ශ්‍රවණාගාරයේදී පාසල් දරු දැරියන් සදහා පාරිසරික වටිනාකම පිළිබද වූ ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩසටහනක් ද පැවැත් වු අතර එහි ප්‍රධාන දේශනය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාතලේ අඩවි වන නිලධාරී කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරී එස්.පුෂ්පලාල් මහතා විසින් සිදුකරන ලදී. මෙම අවස්ථාව සදහා මාතලේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු, මාතලේ ප්‍රාදේශීය සභාවේ ලේකම් හීන්කෙන්ද යන මහත්ම මහත්මින් ඇතුළු නිලධාරීන් රැසක් එක් ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook