
මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සේවා පුළුල් වේ. (CPESS )
මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සේවා පුළුල් වේ. (CPESS )
මධ්‍යම පළාත් අධ්‍යාපන සේවා සණස සමිතිය මගින් (CPESS ) ඉදිකරන ලද නව බහු කාර්යය ගොඩනැගිල්ල සමුපකාරික අයිතියට පත් කරමින් වීවෘත කිරීමේ උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් 19 වන දින මහනුවර දී පැවැත්විණ.
1992 වර්ෂයේ දී ආරම්භ කර ක්‍රමිකව සාමාජිකත්වය වර්ධනය කර ගනිමින් යහපත් සේවාවන් රැසක් අධ්‍යාපන සේවාලාභින් හට ලබාදෙමින් මේ වන විට විශිෂ්ටත්වයට පැමිණ ඇති අතර , අධ්‍යාපන සේවා සණස සමිතිය ආරම්භක සාමාජිකයින් 29 දෙනෙකුගෙන් ඇරඹි මේ වන විට 26000 දක්වා වර්ධනය කරගෙන ඇත.
සාමාජික ඉතිරිකිරීම් ,ණය පහසුකම් ලබාදීම , සුභසාධන සේවා සැපයීම ඇතුළු අංශ රැසකින් ක්‍රියාත්මක මෙම සමිතියේ කාර්යයභාරය තවතවත් පුළුල් කරමින් අධ්‍යාපන කාරකයින් වෙත ප්‍රසස්ථ සේවාවක් ලබාදීමේ අරමුණෙන් මහනුවර නගරයේ මෙම නව සිව් මහල් බහු කාර්යය ගොඩනැගිල්ල වෙත තම සේවාවන් ගෙන ඒම සිදු කරන ලද අතර 2018 වර්ෂයේදී ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට ඇති මෙම ගොඩනැගිල්ල සදහා යොදවා ඇති මුදල රුපියල් මිලියන 180කි.
අධ්‍යාපන සේවා සණස සමිතිය මගින් හසලක බරවර්ධන ඔය උඩවෙල බණ්ඩාරනායක විද්‍යාලය වෙනුවෙන් මුල්‍ය ප්‍රධානයක් ලබාදීම සිදු කෙරින. සමිතිය ආරම්භක සාමාජිකයින් වෙත උපහාර තිලිණ ප්‍රධානය කිරීම, සාමාජිකයින්ගේ දරුවන් සදහා විශේෂ ශිෂ්‍යාධාර ලෙස මුල්‍ය ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදුවිය. ඒ අනුව ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් වෙත මුල්‍ය ප්‍රධානයන් ලබාදීම , අපොස සා.පෙළ සමත් හා විශ්වවිද්‍යාල ප්‍රවේශය හිමිකරගත් දරුවන් වෙත මුල්‍ය ප්‍රධානයන් ලබාදීම මෙහිදී සිදු කෙරින.
මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මධ්‍යම පළාත් කර්මාන්ත හා සමුපකාර අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක , සමුපකාර සංවර්ධන කොමසාරිස් අමිල නවරත්න , සමුපකාර කොමිෂන් සභාවේ ලේකම් කේ.එල්.එම්.සජිවනි , හිටපු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක යන මහත්ම මහත්මීන් , හිටපු සමිති අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින්, දැනට ක්‍රියාකාරී අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති කපිල ප්‍රියන්ත මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය හා කාර්යය මණ්ඩලයේ නිලධාරින් පිරිසක් සහභාගී විය.