සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළතේ  ව්‍යවසායකත්ව පාසල් උද්‍යාන ප්‍රවර්ධන වැඩසටහනක්.

මධ්‍යම පළතේ ව්‍යවසායකත්ව පාසල් උද්‍යාන ප්‍රවර්ධන වැඩසටහනක්.

මධ්‍යම පළතේ ව්‍යවසායකත්ව පාසල් උද්‍යාන ප්‍රවර්ධන වැඩසටහනක් මධ්‍යම පළාත් ව්‍යවසායකත්ව පාසල් උද්‍යාන වැඩසටහනේ ( Entrepreneurial School Garden Programe) ජයග්‍රාහකයින් සදහා ත්‍යාග හා සහතිකපත් ප්‍රධානය කිරීමේ උත්සවයක් මහනුවර ඔක්රේ හෝටලයේදී ඉකුත්දා (19) පැවැත්විණ. කෘෂිකර්ම , නව නිපැයුම් හා දේශීය ආහාර රටාවන් ඇසුරින් පාසල් පද්ධතිය තුල විශිෂ්ට පාසල් ව්‍යවහාර ක්‍රියාවට නන්වමින් අනාගත දරු පරපුර මුහුණදෙන අභියෝග ජය ගැනීම සදහා පෙළගැස්වීම වෙනුවෙන් මෙම වැඩසටහන මධ්‍යම පළාතේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කෙරින. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම වැඩසටහනේ මුලිකත්වයෙන් ඕස්ට්‍රේලියානු ආධාර මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලද අතර මෙම තරගාවලිය සදහා මධ්‍යම පළාතේ අධ්‍යාපන කලාප 15 නියෝජනය කරමින් පාසල් 190 ක් තෝරාගෙන පැවතිනි. ආයුර්වේදය . සෞබ්‍යය , කෘෂිකර්මය යන ක්ෂේත්‍රයන් මුලික කරගෙන ඔෟෂදිය ගුණය සපිරි ආහාර රටාවන් , දේශීය ඔෟෂද පිළිබද දැනුම ලබාදීම , කුළුබඩු භාවිතයේ වටිනාකම , රෝග ව්‍යාප්තිය පාලනය , නව කෘෂි තාක්ෂණ උපකරණ හා නව නිපැයුම් පිළිබදව පාසල් දරුවන් වෙත දැනුම ලබාදෙමින් කුසලතා හා ආකල්ප ප්‍රවර්ධනය කරමින් නව ප්‍රවේශයක් පාසල් පද්ධතිය තුළ ඇති කිරීමට මෙම වැඩසටහනේ දී පියවර ගෙන පැවතුනි. මෙම ත්‍යාග ප්‍රධානෝත්සවයේ දී ආදර්ශ පාසල් 71 ක් තෝරාගෙන පැවතී අතර එක් පාසලක් සදහා රුපියල් 150000 බැගින් මුල්‍ය පරිත්‍යාග ලබාදීම සිදු විය. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද ,සෞබ්‍යය අමාතයාංශයේ ලේකම් ජගත් අධිකාරි, පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන ) සි.ඉලංගකෝන් , පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු ) චන්දන වික්‍රමසුරිය , පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (ඉංජිනේරු සේවා ) එම්.විජේකෝන් , ව්‍යාපෘතියේ කළමනාකරු නිමල් ගුණසේකර යන මහත්ම මහත්මීන් ,කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් , විදුහල්පතිවරුන් , ගුරුවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook