සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ශිෂ්‍යබට බලකා තූර්යවාදක පෙළපාලියක්  මහනුවරදී .

ශිෂ්‍යබට බලකා තූර්යවාදක පෙළපාලියක් මහනුවරදී .

ශිෂ්‍යබට බලකා තූර්යවාදක පෙළපාලියක් මහනුවරදී . සමස්ත ලංකා පෙරදිග තූර්යවාදන ඉතිහාසයේ වැඩිම වාර ගණනක් තූර්යවාදන ශූරතාවය දිනාගත් ජාතික ශිෂ්‍යබට බලකායේ දෙවන බල ඇණියට අයත් දිවයිනේ දක්ෂතම තූර්යවාදක ඛණ්ඩයන් සහභාගී වූ තූර්යවාදක පෙළපාලියක් මහනුවර සහස් උයන පරිශ්‍රයෙන් ගමන් අරඹා මහනුවර නගර මධ්‍යයේ වීදි සංචාරය කිරීම ඉකුත්දා (22) සිදු විය. ජයග්‍රහණය කරන ලද පාසල් දිරිගැන්වීම හා ඔවුන් ඇගයීම වෙනුවෙන් දෙවන බල ඇණිය හා මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව එක්ව මෙම ප්‍රදර්ශනාත්මක තූර්යවාදන සංදර්ශනය සංවිධානය කර පැවති අතර , මෙහිදී සමස්ත ලංකා පෙරදිග තූර්යවාදන ශූරතාවයෙහි කොටස්කරුවන් බවට පත්වූ මහනුවර බාලක හා බාලිකා පාසල් දොළහක් (12) පෙරදිග තූර්යවාදන පෙළපාලියට එක්විය. මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයා ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා සහභාගී වූ අතර , මධ්‍යම දිසාව භාර 111 වන බලඇණියේ සේනාධිපති බ්‍රිගේඩියර් සාලිය ඩයස් , නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක , ජාතික ශිෂ්‍යබට බලකායේ පළාත් භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ පි.ඇරැව්පොළ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස , පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර යන මහත්ම මහත්මීන් සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook