
වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශය සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධනය සදහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශය සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධනය සදහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට යෝජිතය.
නව වර්ෂයේ ශ්‍රී ලංකාවේ සංචාරක කටයුතු ප්‍රවර්ධන කිරීම වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර ජනාධිපතිතුමාගේ යෝජනාවකට අනුව මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ලංකාවේ උසම වේල්ලට හිමිකම් කියන වික්ටෝරියා වේල්ල ආශ්‍රිත ප්‍රදේශය සංචාරක ආකර්ෂණය ප්‍රවර්ධනය සදහා මේ වනවිට සැලසුම් සකස් කොට පවති. මෙකි සැලසුමට අනුව වික්ටෝරියා වේල්ල ආශ්‍රිත භූමියෙහි වත්මන් තත්ත්වය පරික්ෂා කිරීම සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා ඉකුත්දා (3) නිරීක්ෂණයක නිරත විය.
කඩිනම් මහවැලි ව්‍යාපාරය යටතේ ආධාරයක් ලෙස ලබා ගත් මෙම වේල්ල වික්ටෝරියා මහ රැජිනියගේ නමින් නම් කර ඇති අතර , 1980 දී ආරම්භ කල එහි වැඩ කටයුතු 1984දී අවසන් කොට ජලාශයට මුල්දියවර එක් කොට 1985 වර්ෂයේදී එවකට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරිය වු මාග්‍රට් තැචර් මැතිනියගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් මෙය විවෘත කරනු ලැබ ඇත. මෙම වේල්ලෙ උස මීටර් 121 කින් හා ️දිගන් මීටර් 520 වන අතර උපරිම ජල මට්ටම මුහුදු මට්ටමෙන් 438.04 ක් වේ. මෙහි සම්පූර්ණයෙන් ගබඩා කල හැකි ජල ප්‍රමාණය ඝණමීටර් දස ලක්ශ හත්සිය විසිදෙකක් වන අතර , උපරිම ජල මට්ට්මේදි ජලාශය ප්‍රදේශය වර්ග කිලෝමීටර් 23.7ක් වෙත විහිදී යයි. ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5කට මෙය ව්‍යාප්ත වේ. එසේම වික්ටෝරියා වේල්ල මගින් යන ජල ධාරිතාවයෙන් විදුලිය මෙගාවොට් 210ක් නිපදවන ලංකාවේ පවතින විශාලතම ජලවිදුලි බලාගාරය වන අතර සොරොව් 8ක් සහිත වික්ටෝරියා වේල්ල දෙවක් ආරුක්කු කොන්ක්‍රීට් වේල්ලක් ලෙසින් හැදින්වේ.
මෙම ස්ථානය දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ශනයක් සහිත ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම තුළින් දේශීය ආර්ථිකයට වැඩි දායකත්වයක් ලබාගැනීමේ අරමුණ ඇතිව ජනාධිපතිවරයාගේ යෝජනාවකට අනුව එහි වික්ටෝරියා රැජිනියගේ ප්‍රතිමාවක් ද ස්ථාපනය කෙරෙන අතර එහි අවසන් අදියරේ නිර්මාණ කටයුතු නිරීක්ෂණය සදහා මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර ගමගේ මහතා මෙහිදී එක් විය. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.