
යොවුන් දහම් සක්මන වැඩසටහන මෙවරත් කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවේදී.
යොවුන් දහම් සක්මන වැඩසටහන මෙවරත් කුණ්ඩසාලේ මහමෙව්නා අසපුවේදී.
අද රටේ තරුණ තරුණියන් මුහුණදෙන අභියෝග ජයගැනීම වෙනුවෙන් දරුවන් යහමගට ගැනීමේ , සමාජ ගත කිරීමේ ආගමික වගකීම ඉටුකිරීම කාලීනව අවශ්‍යම යුගයක් බවට වෙලා. රටේ 40,30000 පමණ වන තරුණ තරුණියන්හට දහමේ ආභාෂය ධර්මයේහි මගපෙන්වීම අවශ්‍යම මොහොතක් අද උදාවෙලා. එවන් වටපිටාවක් තුළ “යොවුන් දහම් සක්මන” වැඩසටහන අනාගතය ගොඩනැගීමේ පදනමක් යැයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.
ඒ මහතා මෙලෙස පැවසුයේ මෙම වැඩසටහන පිළිබදව වූ විශේෂ සාකච්ජාවක් ඒ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (04) මහනුවර ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති අවස්ථාවේ දිය.
මෙහිදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා අවශ්‍ය පහසුකම් ලබාදීම හා වැඩසටහන පිළිබදව දැනුවත් කිරීම කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපුවේ නායක ස්වාමින් වහන්සේ වන නාලන්දේ පවර හිමියන් විසින් පහදන ලදී. පාසල් දරුවන්,විශ්ව විද්‍යාල ප්‍රජාව , උසස් තාක්ෂණ ආයතනවල දරුවන් , පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ඉගෙනුම ලබන දරුවන් ඇතුළුව ශ්‍රී ලංකාව පුරා සිටින තරුණ තරුණියන් මෙම වැඩසටහන සදහා සහභාගී කරගැනීමට සැලසුම් කොට ඇත.
පුජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේගේ සංකල්පනාවක් මත ක්‍රියාත්මක කෙරෙන යොවුන් දහම් සක්මන වැඩසටහන 2016 වර්ෂයේ දී ආරම්භ කොට ඇත.
2024 වර්ෂයේ වැඩසටහන එලබෙන පෙබරවාරි මස 10 දින මහනුවර කුණ්ඩසාලේ මහමෙව්නා භාවනා අසපු පරිශ්‍රයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර , තරුණ තරුණියන් 10000 කට අදික පිරිසකගේ සහභාගිත්වයෙන් මෙවර මෙම වැඩසටහන පැවැත්වීමට නියමිතය.
මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ , ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය ආයතන රැසක නිලධාරින් සහභාගී වුහ.