සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස පත්වීම් ලැබූ ප්‍රභාත් මද්දුමආරච්චි මහතා  රාජකාරි කටයුතු ආරම්භ කරයි.

ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස පත්වීම් ලැබූ ප්‍රභාත් මද්දුමආරච්චි මහතා රාජකාරි කටයුතු ආරම්භ කරයි.

ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස පත්වීම් ලැබූ ප්‍රභාත් මද්දුමආරච්චි මහතා රාජකාරි කටයුතු ආරම්භ කරයි. මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලෙස පත්වීම් ලැබූ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ප්‍රභාත් මද්දුමආරච්චි මහතා සුභ මොහොතින සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීම පල්ලෙකැලේ පළාත් සභා සංකීර්ණයේ පිහිටි ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේදී පසුගිය (08) සිදු විය. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ඒ මහතා කෙසෙල්වත්ත ශ්‍රී තක්ෂිලා , පානදුර ශ්‍රී සුමංගල හා මොරටුව ශාන්ත සෙබස්තියන් යන විද්‍යාල වලින් අධ්‍යාපනය ලබා ඉන් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී උපාධිය ලබාගනිමින් 2013 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වේ. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ , කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේ ප්‍රාදේශීය අධ්‍යක්ෂ , මහනුවර කඩවත් සතර ගගවටකොරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස කටයුතු කර ඇති ඒ මහතා, මෙම තනතුරට පත්වීමට ප්‍රථම මහනුවර මහා නගර සභාවේ නියෝජ්‍ය නාගරික කොමසාරිස් ලෙස කටයුතු කළේය. මෙම අවස්ථාවට මහනුවර මහා නගර සභාවේ හිටපු පුරපති කේසර සේනානායක ,නියෝජ්‍ය පුරපති ඉලාහි ආබ්දීන් ,විපක්ෂ නායක සේන දිසානායක , මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හේරත් යන මහත්වරුන් ඇතුළු නිලධාරින් පිරිසක් එක් සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook