
විවිධ හේතු මත එන්නත ලබා ගැනීමට නොහැකි වූ දරුවන් වෙනුවෙන් සරම්ප එන්නත් සායන තුනක් ඉදිරියේදී.
විවිධ හේතු මත එන්නත ලබා ගැනීමට නොහැකි වූ දරුවන් වෙනුවෙන් සරම්ප එන්නත් සායන තුනක් ඉදිරියේදී.
සරම්ප එන්නත ලබා ගැනීමට නොහැකි වූ මහනුවර දිස්ත්‍රික්කයේ දරුදැරියන් සඳහා මෙම මස තුළදී යළි සායන කිහිපයක් පැවැත්විමට තීරණය කොට ඇතැයි මහනුවර දිස්ත්‍රික් වසංගතවේදඥ ක්‍රිෂාන්ත මාසරච්චි මහතා පවසයි.
උණ ඇතුලු විවිධ හේතු මත එන්නත ලබා ගැනීමට නොහැකිවූ පිරිස් වෙනුවෙන් මෙම මස 13, 20 සහ 27 යන දිනවලදී මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලදී පස්වරු 03.00ට එන්නත ලබා දෙන බව වෛද්‍යවරයා කීවේය.
මහනුවර දිස්ත්‍රික්කයේ ඉලක්කගත කණ්ඩායමෙන් 90.4%ක් එන්නත ලබා ගත් බව කී ඒ මහතා එය දෙවැනි වන්නේ යාපනය දිස්ත්‍රික්කයට පමණක් යැයි ද ප්‍රකාශ කළේය. 3550කු එන්නත ලබා ගත් බව කී ඔහු 75 දෙනෙකු එන්නත ප්‍රතික්ෂේප කළ බව ද කීවේය.
ආගමික විශ්වාස ඇතුලු විවිධ හේතුමත එන්නත් ලබා ගැනීම ප්‍රතික්ෂේප කරන පිරිස් පවා සිය දරුවන්ට එන්නත ලබාදීමට උනන්දුවීම කැපී පෙනෙන කරුණක් යැයි ද මහනුවර දිස්ත්‍රික් වසංගතවේදඥ ක්‍රිෂාන්ත සමාරච්චි මහතා වැඩිදුරටත් පැවසුවේය.