
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ කටයුතු මධ්‍යම ආණ්ඩුකාරතුමාගේ නිරීක්ෂණයට.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ කටයුතු මධ්‍යම ආණ්ඩුකාරතුමාගේ නිරීක්ෂණයට.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මහනුවර ප්‍රාදේශීය කාර්යාලයේ කටයුතු නිරීක්ෂණය කිරීම සදහා මධ්‍යම ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා 11 දිනයේ කටයුතු කළේය.
ජනතාව විවිධ පීඩාවන්ට ලක් කිරීම වෙනුවෙට, යහපත් සේවාවක් ජනතාවට ලබාදීම සදහා දැනට සපයනු ලබන සේවාවන් වඩා කාර්යයක්ෂමව ලබාදීම වෙනුවෙන් මැදිහත්ව කටයුතු කිරීමේ අපේක්ෂාවෙන් ආණ්ඩුකාරවර ගමගේ මහතා මෙම ප්‍රාදේශීය කාර්යාලයේ කටයුතු හදිසි නිරීක්ෂණය කිරීම සිදු වූ අතර අනතුරුව එහි පාලන අධිකාරිය සමග අදාල කටයුතු සම්බන්ධයෙන් විමසීම් ද සිදු කළේය. මාධ්‍ය මගින් මෙම ආයතනයේ ක්‍රියා පිළිවෙත් හා ජනතාවට සිදුවන අපහසුතාවයන් පිළිබදව දැන්වීමෙන් අනතුරුව ,පළාත් රාජ්‍ය ආයතනයක් නොවුව ද ජනතාවට සිදුවන අගතිය වලක්වාලීම වෙනුවෙන් පළාත් ආණ්ඩුකාරවර ලලිත් යු ගමගේ මහතා මැදිහත්ව කටයුතු කළේය.
මෙම ප්‍රාදේශීය කාර්යාලය මගින් සාමාන්‍ය සේවා යටතේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම , විදේශ ගමන් බලපත්‍ර සංශෝධනය කිරීම , විදේශ දුත මණ්ඩල මගින් නිකුත් කරන ගමන් බලපත්‍ර සදහා ඇගිලි සලකුණු ලබා ගැනීම යන කාර්යයන් සිදු අරනු ලබන අතර දෛනිකව විශාල පිරිසක් මෙම සේවා ලබාගැනීම වෙනුවෙන් මහනුවර ප්‍රාදේශීය කාර්යාලය වෙත පැණිනේ.
ආයතනයේ කාර්යයන් කඩිනමින් ජනතාව වෙත ලබාදීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම සිදු කිරීමට තම සහය නිරන්තරයෙන් ලබාදෙන බව ද මෙහිදී ආණ්ඩුකාරවර ගමගේ මහතා පාලන අධිකාරිය වෙත දැන්විය. මෙම අවස්ථාවට ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය ද එක්විය.
Media-Unit Central-Province
· Shared with Public