සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි ක්‍රියා මාර්ග පිළිබදව විශේෂ සාකච්ජාවක්.

මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි ක්‍රියා මාර්ග පිළිබදව විශේෂ සාකච්ජාවක්.

මහනුවර නාගරික අපජල කළමනාකරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි ක්‍රියා මාර්ග පිළිබදව විශේෂ සාකච්ජාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඉකුත්දා (12දින) පැවැත්විණ. පියවර තුනක් යටතේ ක්‍රියාත්මක කොට පවතින මෙම ව්‍යාපෘතියේ දැනට පවතින තත්ත්වය පිළිබදව කරුණු විශ්ලේෂණය කිරීම , පවතින ගැටළු සදහා විසදුම් ලබා ගැනීම හා ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් අවසන් කිරීමට අදාල කරුණු කෙරෙහි මෙහිදී සාකච්ජා කරන ලද අතර නිවාස අභ්‍යන්තර අපජල සම්බන්ධතා ලබාදීම , පොම්පාගාරවල පවතින ගැටළු , නායයෑමේ අවදානම් සහිත ප්‍රදේශවල පවතින අපජල නල පද්ධතිය හා සම්බන්ධ ගැටළු , ප්‍රධාන මාර්ග යථාවත් කිරීම , පද්ධතියට වැසි ජලය එකතුවීම හා පවතින මුලික ගැටළු කෙරෙහි අවධානය යොමු කෙරින. “පරිසර හිතකාමී නගරයක් - ජනහිතකාමී පුරවරයක්” ගොඩනැගීම වෙනුවෙන් මහනුවර මහා නගර සභාව , ජාතික ජලාප්‍රවාහන මණ්ඩලය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර , මෙම ව්‍යාපෘතිය මගින් මහනුවර නාගරික බල ප්‍රදේශයේ කිලෝමීටර් 240ක් ආවරණය වන ලෙස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙමගින් අපජල සම්බන්ධතාවයන් 10000 ක් ලබාදීමට අපේක්ෂිත අතර මේ වනවිට ඉන් සම්බන්ධතා 4000 ක් ලබාදී අවසන් වේ. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , පළාත් පලාන කොමසාරිස් චමිලා අතපත්තු , මහනුවර මහා නගර සභාවේ නාගරික කොමසාරිස් ඉෂාන් විජේතිලක යන මහත්ම මහත්මීන් , ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරින් , අපජල ව්‍යාපෘතිය හා සම්බන්ධ ඉංජිනේරුවන් ඇතුළු ආයතන රැසක් නිලධාරින් සභාභාගි වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook