සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරුන්ට පුහුණුවක්.

මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරුන්ට පුහුණුවක්.

මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථාන ගුරුවරුන්ට පුහුණුවක්. ගුණ නුවණින් පිරිපුන් සමාජයක් වෙනුවෙන් “ නැණ කිරුළ ” මුල් ළමා විය සංවර්ධන ගුරු භවතුන්ට විශේෂ පුහුණු වැඩමුළුව පසුගිය (13) දීන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා ගාරයේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයේ ආරම්භ විය. කිරුළ පදනමේ සභාපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ සංකල්පයකින් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු කොට්ඨාශ වල මුල් ළමා විය සංවර් ධන උපදේශක උපදේශිකාවන් ඉලක්කව කිරුළ පදනම,මධ්‍යම පළාත් සභාව ,පේරාදෙණිය විශ්ව විද්‍යාලය,මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව මෙම පුහුණු වැඩමුළුව මාලාව සංවිධානය කෙරෙයි . ප්‍රථම අදියරේ වැඩමුළුව සදහා මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ, ගඟවට කෝරළය, දොළුව, මැද පළාත ,පාතදුම්බර, යටිනුවර ,කුණ්ඩසාලේ ,උඩුනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජන වන පරිදි මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල ගුරු භවතුන් 300 ක් සහභාගී විය. මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොළ, මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන්, ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මේනක හෙරත් යන මහත්ම මහත්මීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන් ,විශ්ව විද්‍යාලයේ නිලධාරීන්ද එක්විය.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook