
දරුවන් නැණ වත් මෙන් ම ගුණවත් ව සංවර් ධනය වීම කාලීනව විය යුතුයි.
දරුවන් නැණ වත් මෙන් ම ගුණවත් ව සංවර් ධනය වීම කාලීනව විය යුතුයි.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ගමගේ මහතා අවධාරණය කරයි.
තරගකාරී සමාජ වටපිටාවක හැදෙන දරුවන් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාව තුල දිනෙන් දිනේ අතරමං වීමෙන් අනාගත අභියෝග ජය ගත හැකි අයුරින් සකස් කර ගැනීම අභියෝගයක් බවත් , දහම් අධ්‍යාපනය තුලින් ඇති කල හැකි අධ්‍යාත්මික සංවර් ධනයත් , නිවාස හා සමාජයෙන් උගත් වටිනාකම් සහ අගනාකම් එකතුව පුර් න දරුවකු ලෙස සමාජගත කල යුතුව ඇතැයි අද පෙරවරුවේ මහනුවර අරුප්පල ශ්‍රී කල්‍යාන බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවති එස්. බී හේවගේ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයේ දී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිතීඥ ලලිත් යු ගමගේ මහතා පැවසිය.
13 වන වරටත් සංවිධානය වූ මෙම ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන අරුප්පල ශ්‍රී කල්‍යාන බෞද්ධ මධ්‍යස්ථානාධිපති , ශ්‍රී නාථ දේවාල විහාරාධිකාරී, අස්ගිරි මහා පිරිවෙනේ නියෝජ්‍ය පරිවේනාධිපති ශාස්ත්‍රපති පුජ්‍ය ඇටිපොල මහින්ද හමියන් ගේ මුලිකත්වයෙන් සංවිධානය කෙරේ. දිවයින පුරා විසිරි සිටින අඩු ආදායම්ලාභී විශේෂ නිපුනතා සහිත පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ සහ පාසල් දරුවන් වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය වාර් ෂිකව සංවිධානය වේ.
ඵෙතිහාසික පොලොන්නරුව සොළොස්මස්ථානාධිපති , මහනුවර ගෙඩිගේ විහාරාධිපති පුජ්‍ය වේඩරුවේ උපාලි අභිධාන ශ්‍යමෝපාලි වංශික මහා නිකායේ අස්ගිරි විහාර පාර් ශවයේ අනුනායක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට , මහා සංඝරත්නය විවිධ ප්‍රදේශ වලින් වැඩම කොට වැඩ සිටි අතර , පදනමේ ලේකම් පාර් ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිදිගොඩ මහතා ඇතුළු ගිහි පිරිසක් ද සහභාගී විය.