සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මධ්‍යම පළාත් තෛපොංගල් දින සැමරුම ආණ්ඩුකාර කාර්යාලයේදී.

මධ්‍යම පළාත් තෛපොංගල් දින සැමරුම ආණ්ඩුකාර කාර්යාලයේදී.

හින්දු බැතිමතුන්ගේ සුවිශේෂී උත්සවයක් ලෙස සැලකෙන සශ්‍රීකත්වය ලබාදීම වෙනුවෙන් හිරු දෙවියන්ටත්, මවු පොළවටත් , වර්ෂාවටත් , ගව මහේශාදීන්ටත් කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය හෙවත් නව අවුරුදු උත්සවය වෙනුවෙන් සැපවත්, යහපත් අලුත් හෙටක් ප්‍රර්ථනා කරමු. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ. ගමගේ මහතාගේ අදහසක් අනුව යමින් පළමු වරට මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ තෛපොංගල් උත්සවයක් 15වැනි දින සංවිධානය කොට තිබිණි. හින්දු චාරිත්‍ර වාරිත්‍ර අනුව යමින් ගොවිතැන් කටයුතු සඳහා උදව් කල පුංචි කුරුල්ලන් කුඩා කෘමි සතුන් වැනි සතුන්ගේ ආහාර සඳහා මෙම කෝලම් රටා පුජා කරමින් එහි ප්‍රධාන අර්ථය දක්වමින් කෝලම් දැමීම වර්ණ ගැන්වූ පොල් කුඩු ධාන්‍ය කුඩු වලින් සිදු කල අතර මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නිල නිවස ඉදිරියේ ධාන්‍ය වර්ග සහ හකුරු පැණි යන ආදී රස ද්‍රව්‍යද එකතු කරමින් සකසා ගන්නා එක් ස්ථානයක පොංගල් පිසීම සිදු කර ආගමික වතාවත් රැසක් ඉටු කරමින් පැවති මෙම තෛපොංගල් උත්සවය වඩාත් අර්ථවත් ලෙසින් සංවිධානය කර තිබීම විශේෂත්වයක් විය. මෙවැනි උත්සව මගින් ආගමික හා සංස්කෘතිමය බැදියාව වර්ධනය කිරීමට ඉවහල් වන බව මෙහිදී මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා අදහස් දක්වමින් කියා සිටියේය. මේ සදහා මහනුවර දිසාපති චන්දන තෙන්නකෝන් මහතා, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල මහත්මිය , අමාත්‍යංශ ලේකම් වරුන් ඇතුළු පළාත් සභා, නගර සභා සේවක මහත්ම මහත්මීන් පිරිසක් හා ප්‍රදේශවාසීන් පිරිසක්ද සහභාගී වුහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook