
උඩගම මහා විද්‍යාලය ආරම්භ කොට වසර 90ක් . දක්ෂතා හා විශිෂ්ඨ ප්‍රතිඵල දැක්වූවන් ඇගයේ.
උඩගම මහා විද්‍යාලය ආරම්භ කොට වසර 90ක් ..
දක්ෂතා හා විශිෂ්ඨ ප්‍රතිඵල දැක්වූවන් ඇගයේ......
වත්තේගම අධ්‍යාපන කලාපයේ උඩගම මහා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගිය (05) වන දා වත්තේගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා තරංගා ගුණරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආදි විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් හා සිසුන්ගේ සහභාගිත්වයෙන් මැණික්හින්න සමූපකාර ශාලාවේ දී පැවැත්විණ.
එම විද්‍යාලය ආරම්භ කොට වසර 90ක් පිරිම නිමිත්තෙන් හා එම විද්‍යාලය, මහා විද්‍යාලයක් වී වසර 50ක් පිරිම නිමිත්තෙන් ද පසුගිය වසර හතරක කාලය තුළ විද්‍යාලයේ විශිෂ්ඨ ප්‍රතිඵල දැක්වූ සිසුන් අගයනු පිණිස මෙම ත්‍යාග ප්‍රදානෝත්සවය සංවිධානය කොට තිබිණ.
මෙහිදී විද්‍යාලයේ සිසුන්ගේ දක්ෂතා හා හැකියාවන් අගයමින් සහතිකපත් පිරිනැමුන අතර ‘’ඒ’’ සමාර්ථ තුනක් ලබාගනිමින් විශිෂ්ට ප්‍රතිඵල ලබා විශ්වවිද්‍යාල වරම් දිනාගත් සිසුන් ද, අ.පො.ස. සා.පෙළ විභාගයේ විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සිසුන් ද, ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබූ සිසුන් ද, එම සිසුන්ට මග පෙන් වූ, විද්‍යාලයේ සියලු ආචාර්ය මණ්ඩලය, සහය ලබා දෙන අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා විෂය සමගාමී පුහුණුකරුවන් ද මෙහිදී ඇගයීමට ලක්විය.