සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර නගරය පරිසර හිතකාමී නගරයක් බවට පත් කිරීමට කටයුතු රැසක්.

මහනුවර නගරය පරිසර හිතකාමී නගරයක් බවට පත් කිරීමට කටයුතු රැසක්.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පරිසරයට සිදුවන විනාශයන් වලක්වා ගැනීම සදහා මධ්‍යම පළාත් කෘෂිකර්ම හා පරිසර අමාත්‍යාංශයෙන් නව වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. මේ යටතේ මහනුවර නගරය පරිසර හිතකාමී නගරයක් බවට පත් කිරීමට කටයුතු රැසක් ක්‍රියාත්මක කෙරේ. ඒ යටතේ පොලිතින් හා ප්ලාස්ටික් භාවිතය හේතුවෙන් කාලීනව ඉහළ යන පරිසර හානිය වලක්වාගැනීමේ ක්‍රියාවලියට දායකතාවය ලබාදෙමින් අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත ලොවක් ගොඩනැගීමේ අරමුණින් අවිධිමත් ලෙස පරිසරයට මුදාහරින පොලිතින් හා ප්ලාස්ටික් ඒකරාශී කිරීමේ විශේෂ ශ්‍රමදාන වැඩසටහනක් මහනුවර දුම්රිය ස්ථානය ප්‍රමුඛ කර ගනිමින් ඉකුත්දා (15) පැවැත්විණ. මෙහිදී ජනතාව දැනුවත් කිරීම , පරිසරයට මුදාහල අපද්‍රව්‍ය එක්රැස් කිරීම් සිදුකරන ලද අතර , නෝර්වේ විශ්ව විද්‍යාල සිසුන්ගේ දායකත්වය මෙම වැඩසටහන වෙත ලබාදීම විශේෂත්වයක් විය. මධ්‍යම පළාත් පරිසර හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන සදහා සීරෝ ප්ලාස්ටික් සංවිධානය, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන ගණනාවක් සහයෝගය දක්වයි.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook