
2024 වර්ෂයේ දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය වැඩසටහන සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ විස්ස (20) සඳහා රුපියල් මිලියන 689 ලැබීමට නියමිතයි.
මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම එහි සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රී ගුණතිලක රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 18දින මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
2024 වර්ෂයේ පැවැත්වෙන ප්‍රථම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව සඳහා මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරනු ලබන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අට දෙනෙකු සහභාගි වීම ද විශේෂත්වයකි.
2023 වර්ෂයේදී දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව වෙත විවිධ ගැටලු එකසිය විසි පහක්(125) ලැබී ඇති බවත්, ඉන් හැත්තෑ හතක්(77) සඳහා සම්පූර්ණ විසඳුම් ලබාදීමට හැකි වී ඇති බවත්, විසඳුම් ලැබෙමින් පවතින ගැටලු 44ක් පවතින බව ද සමස්තයක් ලෙස 97% ප්‍රගතියක් පසුගිය වසරේ අත්කර ගැනීමට හැකිවී ඇති බව මෙහිදී අනාවරණය විය.
2024 වර්ෂයේ දිස්ත්‍රික් විමධ්‍යගත අයවැය වැඩසටහන සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ විස්ස (20) සඳහා රුපියල් මිලියන 689 ලැබීමට නියමිත අතර නිර්මිත කාලවකවානු අනුව සියලූම දිස්ත්‍රික්කයන්හි සංවර්ධන ව්‍යාපෘති ග්‍රාමීය හා ප්‍රාදේශීය කමිටු මගින් දිස්ත්‍රික් සංවර්ධන කමිටුවෙත යොමුකරමින් ක්‍රියාවට නැගීමට නියමිතය. මෙම සියලු සංවර්ධන වැඩසටහන් ජූලි මස 31 වන දින වන විට අවසන් කිරීමට ද අපේක්ෂිතය.
ශ්‍රී ලංකාවේ සියලු දිස්ත්‍රික් නියෝජනය කරමින් සංවර්ධන කමිටු වෙත ලබාදීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 11250ක් වන අතර , ජාතික නිර්ණායක පදනම් කර ගනිමින් ප්‍රමුඛතා අනුව අවශ්‍යතා හඳුනාගෙන ප්‍රාදේශීය විෂමතා අවම කිරීම වෙනුවෙන් මෙම සංවර්ධන මුදල් යෙදවීමට උපදෙස් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලබා දී ඇති අතර, ඒ අනුව භූමි ප්‍රමාණය, ජනගහනය, වසම් ප්‍රමාණය හා දරිද්‍රතාවය යන නිර්ණායකයන්ට අනුව ප්‍රමුඛතා ලැයිස්තුගත කොට ව්‍යාපෘති සැකසීමට උපදෙස් ලබා දී ඇත.
මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී අනාරක්ෂිත ගස් කපා ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා බලය ප්‍රාදේශීයව ලබාදීම, උඩවත්ත කැලය මායිම්ම ඇති මාර්ග වල කානු පද්ධතියේ වැසි ජලය හේතුවෙන් ආණ්ඩුකාර කාර්යාලයට, ජනාධිපති මන්දිරයට හා ශ්‍රී දළදා මාලිගාවට සිදුවන බලපෑම අවම කිරීමට පියවර ගැනීම, පාසල් නිවාඩු කාලය තුළ පාසල් දරුවන් ප්‍රවාහනය කරන වෑන් රථවල ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් පවතින ගැටළු නිරාකරණය කිරීම, මධ්‍යම පළාත් රාජ්‍ය ආයතන සඳහා සූරිය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නැගීම, දිස්ත්‍රික්කයේ මහාමාර්ග හා අතුරු මාර්ග සංවර්ධනය හා නඩත්තු කටයුතු පිළිබඳව කරුණු සාකච්ඡාව, මහනුවර බහුවිධ ප්‍රවාහන පර්යන්තය ඉදිකිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කිරීම හා ඊට සමගාමීව මහනුවර නගරයේ මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම, කඩුගන්නාව ප්‍රදේශය ආශ්‍රිතව සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම හා සංචාරක ආකර්ශනීය ප්‍රදේශයක් ලෙස වැඩිදියුණු කිරීමේ නව යෝජනාවක් ගෙන ඒම ද සිදු විය.
මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂක තත්ත්වය හා දැනට ක්‍රියාත්මක යුක්තිය වැඩසටහනේ ප්‍රගතිය ද මත්ද්‍රව්‍ය භාවිතා කරන පුද්ගලයින් පුනරුත්ථාපනය කිරීමේ නව මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම පිළිබඳවද කරුණු සාකච්ඡා කෙරිණ.
කාලීනව ඉහළ යන ඩෙංගු රෝග මර්ධනය සඳහා ගෙන ඇති පියවර හා එහි ප්‍රගතියද විමසීමට ලක් කරන ලද අතර සියලු රාජ්‍ය ආයතන මැදිහත්ව ඒ සඳහා දායකත්වය ලබාදීම අවශ්‍ය බවද පෙන්වා දෙන ලදී.
මෙම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම සඳහා රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, වෙලු කුමාර, මහාචාර්ය රංජිත් බණ්ඩාර ඒ. එච්.එච් හලීම්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, චන්දන තෙන්නකෝන්, යන මහත්ම මහත්මීන්, පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, ප්‍රාදේශීය ලේකම්වරුන් , ආරක්ෂක අංශ , පළාත් පාලන ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් රැසක් සහභාගී වූහ.