
ග්‍රාමිය ජනතාවගේ ආර්ථිකය නැංවිම සදහා සුවිශේෂී වැඩපිළිවෙලක් මාතලෙන් ආරම්භ වෙයි.
ග්‍රාමිය ජනතාවගේ ආර්ථිකය නැංවිම සදහා සුවිශේෂී වැඩපිළිවෙලක් මාතලෙන් ආරම්භ වෙයි.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා චිනයේ සිදු කළ සංචාරයට සමගාමිව චිනයේ යුනාන් ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයා විසින් ලංකිය ජනතාවගේ ග්‍රාමිය ආර්ථිය නංවාලිමේ අරමුණීන් බිත්තර රක්කවන යන්ත්‍ර සහ ගෙවතු උපකරණ ප්‍රතිලාභින් වෙත ලබා දිමේ වැඩසටහනක් අද දින මාතලේ දිසා ලේකම් කාර්යාලයේදි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
මෙම ප්‍රතිපාදන ශ්‍රි ලංකා හදබිම අධීකාරිය හරහා ලබා දිමට නියමිත අතර ග්‍රාමිය ආර්ථිකය ඉහළ නැංවිමේ අරමුණින් මෙම වැඩසටහන දිවයින පුරා දියත් කෙරේ.
මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රතිලාභින් වෙත මෙම උපකරණ ඇතුලු අනෙකුත් දේ ලබා දිම සිදු විය. මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා සහභාගි විය. මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති/පාර්ලිමෙන්තු මන්ත්‍රි නාලක බණ්ඩාර කොට්ටේගොඩ පාර්ලිමෙන්තු මන්ත්‍රි යදාමිණි ගුණවර්ධන ශ්‍රි ලංකා හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන මාතලේ දිසාපති තේජානි තිලකරත්න යන මහත්ම මහත්මින් ඇතුලු ප්‍රතිලාභින් රාජ්‍ය නිලධාරින් පිරිසක් එක්වි සිටියහ.