සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ කර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් මධ්‍යම පළාතෙන් නව සැලැස්මක්

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ කර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් මධ්‍යම පළාතෙන් නව සැලැස්මක්

කිතුල් ආශ්‍රිත නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ කර්මාන්තය නගා සිටුවීම වෙනුවෙන් මධ්‍යම පළාතෙන් නව සැලැස්මක් දියත් කෙරේ. ඒ සදහා වූ විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී 22දින පැවැත්විය. කිතුල් කර්මාන්තයේ විභාවතාවයන් හදුනාගනිමින් සාම්ප්‍රදායික කිතුල් කර්මාන්තයට නව තාක්ෂණය මුසු කරමින් නවීන ලෝකයට ගැලපෙන ලෙස මෙම නිෂ්පාදන සකස් කිරීමට නියමිතය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ ජාතික වැඩසටහනක් ලෙස මධ්‍යස්ථාන දහයක් ස්ථාපිත කිරීමට යෝජිත අතර ඉන් මධ්‍යම පළාතේ මධ්‍යස්ථාන 07ක් ස්ථාපිත කිරීමට නියමිත අතර (ගලගෙදර ,පුජාපිටිය ,හාරිස්පත්තුව ,දොළුව ,කොත්මලේ ,උඩුදුම්බර ,කුරුදුවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආශ්‍රිතව) ජාතික සැකසුම් මධ්‍යස්ථානය හා කිතුල් ආශ්‍රීත නිෂ්පාදන කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම දැනට භාවිතයට නොගන්නා තුම්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි නියංගොඩ මහ විද්‍යාල පරිශ්‍රය යොදා ගැනීමට ද නියමිතය. මෙම නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය වෙළදපොලට නිකුත් කිරීමට සැලසුම් කොට ඇති අතර කිතුල් ආශ්‍රිත අතුරු නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීමටද මෙමගින් සැලසුම් කෙරේ.පෞද්ගලික අංශයේ දායකත්වය ලබාගනිමින් මෙම ව්‍යාපෘතිය මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශය සහ ග්‍රීන් ග්ලෝබල් ඔර්ගනික්(පුද් )සමාගම(GREEN GLOBE ORGANICE) එක්ව ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතියේ ආරම්භක අදියර සදහා පළමු වසර තුළ දී රුපියල් මිලියන 118.67ක මුදලක් දැරීමට නියමිත අතර ව්‍යාපෘතිය සදහා ආයෝජනයෙකු විසින් රුපියල් මිලියන 67 ක මුදලක් ආයෝජනය කිරීම සදහා මේ වනවිට එකගත්වය ද දක්වා ඇත.මෙම ව්‍යාපෘතිය මගින් පළමු වසරේදී අපේක්ෂිත ආදායම රුපියල් මිලියන 185 වේ. මෙම සාකච්ඡාව සදහා මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් උපාලි රණවක, තුම්පනේ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බංඩාර, පළාත් කර්මාන්ත සංවර්ධන හා ව්‍යාපාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උදාර කොන්සිවත්ත, පළාත් සංචාරක අධ්‍යක්ෂ මිහිරාන් බණ්ඩාර ඉඩම් කොමසාරිස් මනෝෂා විජේතුංග , ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම් ඉනෝදනී තඹවිට යන මහත්ම මහත්මීන් , ග්‍රීන් ග්ලෝබල් ඔර්ගනික්(පුද්) සමාගමේ නිලධාරින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook