සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

76 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම් වැඩසටහන පිළිබදව විශේෂ සාකච්ජාවක්

76 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම් වැඩසටහන පිළිබදව විශේෂ සාකච්ජාවක්

76 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව මධ්‍යම පළාත් නිදහස් දින සැමරුම් වැඩසටහන පිළිබදව විශේෂ සාකච්ජාවක් මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඉකුත්දා (22) පැවැත්විණි. මෙම සැමරුම් වැඩසටහන අභිමානවත්ව හා වඩා ඵලදායි කාර්යයක් සමජගත කිරීමේ අරමුණු ඇතිව සංවිධානය කිරීමට සැලසුම් කෙරේ. ඒ අනුව ප්‍රධාන සැමරුම් උළෙල ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රය මුලික කර ගනිමින් පැවැත්වීමට ද ඊට සමගාමිව රුක් රෝපණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට පවතින බව ද පෙබරවාරි මස පළමු වෙනි දින සිට හයවන දින දක්වා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත බව පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමසිංහ මහතා පැවසිය. පල්ලෙකැලේ රයිෆල් කෝ බලකා මුලස්ථානය පදනම්කර ගනිමින් ප්‍රධාන රුක්රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත අතර මෙහිදී පොල් පැල 2000 ක් රෝපණය කිරීමට නියමිතය. මහනුවර විලියම්ගොපල්ලව මාවත , දංගොල්ල ක්‍රීඩාංගනය හා ප්‍රදේශය පදනම්ව රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක අතර , මධ්‍යම පළාත පුරා පිහිටි ග්‍රාම සංවර්ධන සමිති මගින් පොල් පැල 20000ක් රෝපණය කිරීමට සැලසුම් කොට ඇත. මෙම වැඩසටහනට සමගාමිව ග්‍රාම නිලධාරි වසම් නියෝජනය වන පරිදි එක් වසමක ඔෳෂද පැල 75ක් බැගින් රෝපණය කිරීමටද සැලසුම් කෙරේ. තැන්නේකුඹුර පාලම අසල සිට පල්ලෙකැලේ පළාත් සංකීරණය දක්වා මාර්ග දෙපස රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් ද නිදහස් දිනයට සමගාමිව ක්‍රියාත්මක අතර මධ්‍යම පළාත් සංකීර්ණයේදි ලේ දන්දීමේ වැඩසටහනක් , පළාත පුරා ශ්‍රමදාන වැඩසටහන්, පුරන් කුඹුරු යළි අස්වැද්දීමේ වැඩසටහන් ඇතුළු ක්‍රියාකාරකම් රැසක් එක් කිරීමට මෙහිදී තීරණය විය. මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල , කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් උපාලි රණවක , කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.දයානන්ද ,සෞබ්‍යය අමාත්‍යාංශයේ ලේකම් ජගත් අධිකාරි ,මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් මධුපානි පියසේන , මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් ,නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක යන මහත්ම මහත්මීන් ,නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරුන් ,දෙපාර්තමේන්තු ප්‍රධානින්, ආරක්ෂක අංශ ඇතුලු නිලධාරින් පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook