සියලු පුවත් බලන්න

මධ්‍යම පළාත් සභාවේ විශ්වාසනීය නිල ප්‍රවෘත්ති මූලාශ්‍රය

මහනුවර අධ්‍යාපන  කලාපයට අයත් දෙල්තොට  මුස්ලිම් ජාතික පාසලේ  වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය.

මහනුවර අධ්‍යාපන කලාපයට අයත් දෙල්තොට මුස්ලිම් ජාතික පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය.

මහනුවර අධ්‍යාපන කලාපයට අයත් දෙල්තොට මුස්ලිම් ජාතික පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය. මහනුවර අධ්‍යාපන කලාපයට අයත් දෙල්තොට මුස්ලිම් ජාතික පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය (24) එම විද්‍යාලයේදී පැවැත්වින. මෙහිදී 2022 හා 2023 වසර වල විවිධ අංශයන්ගෙන් විශේෂ දක්ෂතා දැක්වූ දරුවන් දිරිමත් කිරීම හා ඔවුන් ඇගැයීමට ලක් කිරීම සිදුවූ අතර , අ.පො.ස උසස් පෙළ විභාගය සමත්ව විශ්වවිද්‍යාල ප්‍රවේශයේ සඳහා සුදුසුකම් ලැබූ දරුවන් , අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වූ දරුවන් හා ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රතිඵල අත්කරගත් දරුවන් සඳහා විශේෂ ඇගයිමක් සිදුකරමින් මෙහිදී ත්‍යාග , ඇගයීම් සහතික ප්‍රදානය කිරීම ද සිදුවිය. 1963 වර්ෂයේ ආරම්භ කරන ලද මෙම පාසල මගින් මේ වන විට විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් හතළිහකට ආසන්න ප්‍රමාණයක් දායාද කර ඇති අතර ශිෂ්‍යත්ව විභාගයෙන් ද විශිෂ්ට ප්‍රතිඵල අත්කරදීමට සමත්ව ඇත. නවීන ලෝකයට ගැලපෙන දරු පරපුරක් බිහි කිරීම වෙනුවෙන් පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක තාක්ෂණ වේදය විෂයන්ට අදාලව ප්‍රායෝගික පුණුවීම් සිදු කිරීම සඳහා අවශ්‍ය වන විද්‍යාලයේ තාක්ෂණික ඒකකය සිසු අයිතියට පත්කිරීම ද මෙහිදී සිදු කරන ලද අතර පාසල් භූමියේ රුක් රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ද කටයුතු යොදා පැවතුණි. විද්‍යාලයේ පවතින අවශ්‍යතා හා අඩුපාඩු වෙනුවෙන් මෙම වර්ෂයේ අධ්‍යාපන අමාත්‍යාංශය සදහා වෙන්වෙන ප්‍රතිපාදන වලින් අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා කටයුතු යෙදීමට ක්‍රියා කරන බව ද මෙහිදී ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කර සිටියේය. මෙහිදී පාසල් ප්‍රජාව විසින් මධ්‍යම පළාත වෙනුවෙන් හා දෙල්තොට මුස්ලිම් විද්‍යාලය සඳහා ආණ්ඩුකාරවරයා විසින් සිදුකරන සේවාවන් ඇගයීම වෙනුවෙන් විශේෂ සමරු තිළිණයක් පිරිනැමීම ද සිදු විය. විද්‍යාලයේ විදුහල්පති ෆයිසාල් මොහොමඩ් මහතාගේ උපදෙස් මත සංවිධානය වූ මෙම වැඩසටහන සදහා මහනුවර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ඩී.සී.අයි. අන්දරගේ,දෙල්තොට ප්‍රාදේශීය ලේකම් රුවන්ධිකා හෙන්නායක යන මහත්ම මහත්මින්, අවට විදුහල්වල විදුහල්පතිවරුන්, ආදී ශිෂ්‍ය සංගමයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

සබැඳි පුවත්

අප අමතන්න

පළාත් මාධ්‍ය ඒකකය,
ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශය
මධ්‍යම පළාත් සභා සංකීර්ණය
පල්ලේකැලේ, කුණ්ඩසාලේ
ශ්‍රී ලංකාව
media.cpcm@gmail.com
දු.ක. / ෆැක්ස් - +94 812 225272
WhatsApp
Facebook